වලාන දුෂණ මර්ධන බලකායේ නව අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට..

0
384

වලාන දුෂණ මර්ධන බලකායේ නව අධ්‍යක්ෂ පොලිස් අධිකාරි  සමන්තිලක වැලිවිට  මහතා පත්කර ඇත.ඒ මහතා පසුගිය 7 වෙනිදා එම ධුරයේ වැඩ භාරගත්තේය
බද්දේගම ක්‍රිස්තුෙද්ව සහ කොළඹ ඉසිපතන විද්‍යාලවල අධ්‍යාපනය ලැබු සමන්තිලක මහතා 1988 වර්ෂයේදි උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස පොලිස් සේවය එක්විය.ඒ මහතා මිරිහාන කුරුදුවත්ත සහ මිගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා ලෙසත් කොළඹ දකුණ රථවාහන කොට්ටාශය භාරවත් තවත් ප්‍රදේශ රැසක විවිධ තනතුරු දරමින් රාජකාරි කළ දක්ෂ නිලධාරියෙකි.

විශේෂයෙන්ම මිගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කිසිදු දේශපාලන ගැතිකමක් නොදක්වා අපක්ෂපාති ලෙසින් සේවය කළ ආකාරය නිසාම මිගමු ජනයාගේ ආදරයට පාත්‍ර වු නිලධාරියෙකි.එමෙන්ම මිගමුවේ මාධ්‍යවේදින්ගේ නිබද ගෞරවයද හිමිකරගත් නිළධාරියෙකි

සිය සේවා කාලය තුල නැගෙනහිර ටිමෝරයේ එවකට අගමැතිවරයාෙග් ප්‍රභූ ආරක්ෂක සේවයේ  නිළධාරියෙකු ලෙසද කටයුතු කර තිබුණි