වසංගතෙන් හම්බකරන් කන මිගමුවේ බලධාරින් කව්ද?

0
70
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම

රටක් මරණය කරා සෙමින් කැදවාගෙන යන මේ වසංගතයෙනුත් හම්බකරන් කන නරුමයන් ගැන දැන් රටේ තැනින් තැන අසන්නට ලැබෙමින් තිබේ.
මේ අතර මිගමුවේද එවන් නිලධාරින් කිපදෙනෙකු ගැන කසුකුසුවක් පවති.

මින් කිප දෙනෙකු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය බවද කියැවේ .
පසුගිය කාලය තුල මිගමුවේ එන්නත්කරණ වැඩසටහන එහෙම පිටින්ම දේශාපාලණිකරණය කරමින් ක්‍රියාත්මකව තිබු අතර මේ පසුබිම තුල අතිවිශාල සල්ලිකාරයන් ප්‍රමාණයක් තඩි කාර්වලින් පැමිණ මිගමුව මහනගර සභාවෙ පස්සා දොරෙන් එන්නත ලබාගත බවට මේ වන විට සාක්ෂි එමටය.



මෙසේ ගසා ගන්නට ඇත්තේ කොවැක්ස් එන්නතේ දෙවන මාත්‍රාව විය හැකි බවටද මේ වන විට කථාබහක් මතුව තිබේ.
මිගමුවේ වැඩි අවධානම් දරණ රාජ්‍ය සේවකයන් හට ලබාදිමට තිබු එන්නත් මේ ආකාරයෙන් පස්සා දොරෙන් සුපිරි පැලැන්ති වෙත ලැබි තිබුණ බවටද මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබේ.

ඊයේ(22) දිනයේද මේ ආකාරයෙන් හොරපාරෙන් පැමිණි පිරිසකට කොවැක්ස් එන්නත විද ඇති බවට චෝදනා පවති.
ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව ඊයේ දිනයේ වැඩිහිටි නිවාස කිපයක අය සදහා ලබාදිමට කටයුතු සුදානම් කර තිබුණ අතර ඒ අස්සේ හොර පාරෙන් පැමිණි පිරිසකට නගර සභාව තුලදිම මේ එන්නත විද ඇතැයි සැලය
ඒ අතර සුද්දෙකුද වු බව සදහන්ය