වසරකට කෝටි 5000 ආදායමක් තියන නගර සභාවට කුණු ගැන සැලැස්මක් නෑ-රොයිස් විජිත ?

1
134
my3 roies 2මේ කුණු ප්‍රශ්ණය අද ඊයේ තිබුනු දෙයක් නෙමේ.මේ ලොකයේ මේ අපද්‍රව්‍ය සම්බන්ධව අධි තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරලා තියෙද්දී මේ වගේ සරල ප්‍රශ්නයක් අද මේ නගරයේ දැවෙන ප්‍රශ්ණයක් බවට පත් කරලා තියෙන්නේ සන්ධානයේ පාලනයක් යටතේ තියන මහ නගර සභාවේ නගරාධිපති තුමා ඇතුළු පාලකයෝ.
ඉස්සල්ලා හිටපු නගරාධිපති තුමාගේ යටතෙත් මේ ප්‍රශ්න තිබුනා එයා චන්ඩි කමෙන් තමයි නිමල් ලාන්සා ඇමතිතුමා කුණු බෑවේ.
එතන ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්නය ගැටලුව සර්ව සාධාරණ ගැටලුවක්.
එතන නිමල් ලාන්සාගෙ හරි මගේ හරි නගරාධිපති තුමාගේ ගේ හරි තිබුනා අපිත් විරුද්ධ වෙනවා මොකද අපේ දරුවන්ගේ ශරීර සෞඛය සහ අපේ සෞඛය පිළිබදව අපිට දුගද හමන තැනක ඉන්න බෑ.
අපි විරුද්ධ වෙනවා.
ඒ මිනිස්සුත් මිනිස්සූ.
එතකොට අවුරුදු ගානක් තිස්සේ ඉදලා මේ දුක වින්දා.
බැරිම තැන වැටවල් ගහලා කුණු දාන්න දෙන්නේ නෑ කිව්වා.
එතකොට නගර සභාවට සිද්ධ වුනා ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බැරි තත්වයක් උදා වුණා මොකද ඒකට හේතුව බොරු පොරොන්දු නිසා.
මේ කුණු බාන එක නතර කරනවා. මාස 6න් නතර කරනවා.අවුරුද්දෙන් නතර කරනවා.වෙනත් තැනකට අරගෙන යනවා.හිටපු නගරාධිපතිවරයා සහ  ඉන්න නගරාධිපතිවරයා ගැන විස්වාසනීයභාවය ඒ ගම්වැසියන්ට  නැතුව ගියා.
අවසානයේ සිද්ධ වුනා මට කතා කරන්න.මම කිව්වා මාස 03කට ඉඩ දෙන්න කියලා.
නගරසභා කොමසාරිස්ට මම ඒක කිව්වාම එයා කිව්වා නගරාධිපති කැමති නෑ අපි අධිකරණය හරහා බලගන්නම් අධිකරණයෙන් කරගන්න දේ කරගන්නම් කියලා තමයි දැන් උදාවෙලා තියන තත්වය උද්ගත කරලා තියෙන්නෙ මේ පාලකයෝ.
     අද මීගමුව නගරයේ රෝහල් වල මාර්කට් වල මාලු කඩ වල හෝටල් වල ගෙවල් වල  සතියකට වැඩි කාලයක් දිනපතා එකතුවෙන අපද්‍රව‍ය සියල්ලම එකතුවෙලා අද ඒවා පටවන්න රොබෝලා ජපානයෙන් ගේන තත්වයකට පත්වෙලා  මොකද සානීපාරක්ෂක මෙවලම් පාවිච්චී කරලත් කම්කරුවන්ට ඒ අපද්‍රව්‍ය වලට අත ගහන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියනවා මොකද  ඒක භායානක සෞඛ්‍ය තර්ජනයක් බවට  පත්වෙලා තියනවා කුණු එකතු වුණු තැන්වල තියන ඟද .
   දැන්වෙලා තියෙන්නේ ටෙන්ඩර් එක දීලා කොච්චිකඩේ කුණු බාන ස්ථානය    නිසි කළමනාකරණය නොකිරීම නිසා එතන තිබුණු  ගමේ තිබුනු දුඟද මේ අය මුලු නගරයේම පුංචී රෝමයේ පතුරලා  ඒ.සී කාමර වල ඉන්නවා.
දැන් තව එකක්  පට බැදලා තියනවා මෛත්‍රී පාල සිරිසේන මහතා ජනාධිපති වුණා විතරයි කුණු ටික ඇදගන්න බෑ කියලා.
කෝටි 5000 ආදායමක් තියන නගර සභාව   අනුරාධපුරේ ඉදලා කොළඹට එනකන් තියන එකම මහ නගර සභාව  ඒ වගෙ නගර සභාවක ජිවත්වන නගර වැසියන්ට මේ වගේ තත්වයක් උදා කරන්න මෙගොල්ලන් නූගත් පාලකයන්ද?
මේ ගොල්ලන්ට බස් ස්ටැන්ඩ්  හදන්න ගසා කන්න පුලුවන් හොදට තියන මල් උද්‍යාන විනාස කරන්න පුලුවන් ගසා කන්න මේ ඔක්ක්ම කරන්න පුලුවන් එදිනෙදා එකතු වෙන කුණු ටික ඇදග්න්න බැ මොකද  ඒකෙන් ආදායමක් එන්නේ නැනේ.ඒ කෙන් කොමිස් ගහන්න බැහැ.ඒකයි මේ ප්‍රශ්නේ ඒකෙන් කොමිස් ගන්න පුලුවන්නම් මේ වෙලාවට මුන් මේක හදලා.