වසරේ විහිළුව ! නිමල් ලංසා බැංකු කොල්ලයක් සහ EPF ගැන කථා කරයි !

0
73

Screenshot from 2018-02-08 16-55-03පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා පසුගිය 05 වෙනිදා කටුනායකදි පැවැති පොහොට්ටුවේ රැස්විමකදි මහින්ද රාජපක්ෂවද ලග තබාගෙන බැංකු කොල්ලයක් ගැනත් කම්කරුවන්ගේ  EPF ගැනත් කථා කර ඇතැයි වාර්තාවේ.
එහිදි ඔහු ගිරිය පැලෙන්න තරම් හයියෙන් කටුනායකදිම EPF ගැන මහින්ද රාජපක්ෂද ලගින් තියාගෙන කථා කිරිම තරම් දෛවයේ සරදමක් තවත් තිබිය හැකිද?

එක්තරා වෙබ් අඩවියක් මෙය වාර්ථා කිරිමේදි යොදා තිබුණ සිරස්තලය ලංසාටම සිදුවු දෛවයේ තවත් සරදමක් බදුය.
මේ සියල්ල මහින්ද රාජපක්ෂ වල ලග තබාගෙන නිමල් ලංසා විසින්ම කියන්නට විම නම් කළ හැක්කේ වසරේ ලොකුම විහිළුව හැර අන් කවර නමකින්ද ???????


නිදහස් වෙළද කලාප කම්කරුවන් සිය අර්ථසාධක අරමුදල රැකගැනිමට අරගල කරද්දි රොෂෙන් චානක මරාදමා තවත් කම්කරුවන් සිය ගණනකට අමානුෂික ලෙස පහරදි ඇතැමෙක් සදාකාලික අබ්බාගාතයන් කළේ රාජපක්ෂ මිනිමරු පාලනය විසිනි.පිස්සන්ට හැතැම්ම නැතිවා සේ දැන් ලංසාටද නිනව් නැත.හැතැම්ම මතක නැත.
ගද සුවද හොද නොහොද නොදැනේ .දොඩන්නේ පරාජයෙන් වියරු වැටිය.
සෙරෙප්පු පැළද මහනගර සභාවට පාපැදියෙන් මිට වසර 10 කට  ඉහතදි නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසින් ගිය නිමල් ලංසා අද ප්‍රකෝටි පතියෙකි
ග්‍රැන්ඩිසා ඇතුළු සුපිරි හෝටල් ගණනාවක හිමිකරුවෙකි.
සිඩ්නි නුවරද දැන් ඔහුට දේපල හිමිය.බිරිද හා දරුවන් ජිවත් වන්නේ එහිය.
අප දන්නා තරමින් ඔහු කළේ පුර්ණ කාලින දේශපාලනයයි.
ඔහු යටගිරියෙන් කෑගහන බැංකු කොල්ලය ගැන දැන් සියළු සත්‍ය හෙළදරව් වි ඇත.
ඒ කොමිසම් පත්කිරිමේන් පසු එහි වාර්ථා මගින්ම එජාපය නිදහස් කොට ඇත.පරික්ෂණ අපක්ෂපාතිව කිරිම සදහා එජාපයේ ඇතැම් ප්‍රබලයන් ඇමැතිධුරවලින්ම ඉවත් කොට තබා තිබේ.
එවන් ආදර්ශයක ලංකා ඉතිහාසය තුල දේශපාලන නායකයෙකු විසින් දි තිබුනේ ඒ රනිල් වික්‍රමසිංහ පමණි.මහින්ද රාජපක්ෂ ඇතුළු පවුල ප්‍රකෝටි ගණනින් හොරකම් රට රටේ පරම්පාර ගාණක් ණයකාරයන් කොට තිබියදි නිමල් ලංසා මේ දොඩවන්නේ මොනවාදැයි තේරුම් ගැනිමට ඔහුගේ අධ්‍යාපනයේ ඇති සිමාවන්ද අනිවාර්ය  යථාර්ථයකි.
රැස්විමේද අත්දිග්කරමින් ඇගිලි දිග්කමින් යටගිරියෙන් කථා කළ ලංසාට අමතක වු එක දෙයක් ඇත.
එනම් එක ඇගිල්ලක් ඉදිරියට යොමුකරද්දි තවත් ඇගිලි තුනක් තමන්ගේ දෙසට හැරවි ඇති බවය.
රනිල් වික්‍රමසිංහටත් මෛත්‍රිපාල සිරිසේනටත් මහින්ද රාජපක්ෂ සමගින් එකතු කාන්තාවන්ට පවා අහන්න ඉන්නට බැරි කුණු හරුප කියමින් පසුගිය ජනාධිපතිවරණයේදි බැන වැදුන නිමල් ලංසා ජනාධිපතිවරණය අවසන්ය මහින්ද රාජපක්ෂ අතුගෑවුන පසු අපේ ජනාධිපති යැයි  මීගමුවේ පොස්ටර් ගැහුවේ රොයිස් විජිත නොව නිමල් ලංසාය.
නිමල් ලංසා යනු ඒ තරම් අවස්ථාවාදියෙකි.උපයෝගිතා වාදියෙකි.
ප්‍රකෝටි ගණනින් සිදුකරන ලද වංචා දුෂණ වලින් බේරෙනු පිණිස ඔහු මෛත්‍රි තුරුලට ගියේ හොරකම් වලින් ගැලවෙන්නටය.ඒ ඔහුට සිය හාම්පුතා වු බැසිල් රාජපක්ෂගේන ලැබුණ උපදෙස විය.මේ නිසාම
නිමල් ලංසා පාපැදියෙන් ගොස් ග්‍රැන්ඩිසා හෝටලයෙන් මතුවිම ගැන තවමත් කොමිසම් වාර්තා එළියට පැමිණ නැත.
ඒවාද ලගම පැමිණිමට නියමිතය.
ඒ දිනය දක්වා නිමල් ලංසා වීදුරු ගෙවල් වල සිට උඩ පැන පැන ගල් ගසනු ඇත.
ලක්ෂාන් – වැල්ලවීදිය

.