”වසර අවසන් කිරිමේ කඩිනම් සේල් වැඩ” සදහා හදිසි මහසභාවක්

0
46

indexමීගමුව මහනගර සභාව  දූෂණයන්ගෙන් පිරි ලංකාවේ අංක එකේ නගර සභාව විය යුතුය.
නමට පමණක් සිටින නාගරික මන්ත්‍රි මණ්ඩලය පාලනය වන්නේ පාතාලයද හවුල්ව ඇති  දුරස්ථ පාලකයන් විසිනි.
මේ දුරස්ථ පාලකයන්ගේ බලපෑමෙන් මිදිම සදහා නරගාධිපති ඇන්ටනි ජයවීර මහතා
විසින් දරන උත්සහය අවසන් වුයේ යළිත් ඒකි දුරස්ථ පාලකයන්  ඉදිරියේ දණගැසිමෙන් අනතුරුවය. එය එසේ නොවුයේ නම් ඔහු ට සිදුවන්නේ නගරාධිපතිධුරය අතහැර සිය සුපුරුදු රැකියාව සදහා 2014 සිට යළිත් මාංකුලියට යාමටය.
මීගමුව වෙනුවෙන් සංවිධායකවරයෙකු පත්කර තිබුනද ඔහුට මීගමුව පාලනය කිරිමට තරම් හයියක් නැත.
ඔහුෙග් කීම අහන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ගණන 2 කකටත් අඩු බව ඔහු මෙන්ම ජනාධිපතිවරයාද දනි.
මේ සියළු යථාර්තයන් මැද දැන් වසර අවසානයේ හදිසි මහසභාවක් පැවැත්විම සදහා නගරාධිපතිවරයා විසින් කටයුතු කර තිෙබ්.
ඒ වසර අවසන් කිරිමට පෙර සහ පළාත් සභාවද විසුරුවා හැරිමට පෙර මීගමුවේ  අදෘෂමාන  පාලකයා වු ඇමති නිමල් ලංසාගේ උවමනාවන් රැසක් ඉටුකරගැනිම සදහා බව නම සඳහන් කිරිමට අකැමති මීගමුවේ දේශපාලකයෙකු මීපුරට සදහන් කළේය.