වසර ගණනකට පසු පෙරියමුල්ලේ අනවශ්‍ය විදුලි කණු ඉවත් කෙරෙයි

0
245

40 41

රාසීක් ෆරීක් මාවතේ පිහිටි වෝල්ට්  33000 ක ධාරිතාවෙන් යුත්  රැහැන් කනු ඉවත්කීරීම මේ දිනවල සිදුකරනු ලබයි. මෙම රැහැන් කණු  වසර ගණනකට කලින් පෙරරියමුල්ලේ පැවති  පිගන් කර්මාන්තශාලාවක් සදහා සවිකරන ලද ඒවා වන අතර එම කර්මාන්ත ශාලාව වසා දමා මේ වනවිට වසර 10කටත් වඩා වැඩිය. රාසික් ෆරීක් මාවතේ වාසය කරන සාමාන්‍ය ජනතාව මෙම කණු වලින් විදුලිය ලබානොගන්නා අතර මෙම අනවශ්‍ය විදුලි කණු සහිත පද්ධතිය ඉවත්කර දෙන ලෙස කාලයක සිට ජනතාව ඉල්ලා සිටියද ඒ වෙනුවෙන් අදාළ බලධාරීන් ක්‍රියාත්මක වූයේ නැ.
කෙසේ හෝ  මේ දිනවල මෙම වෝලට් 33000ක ධාරිතාවෙන් යුතු විදුලි පද්ධතිය ඉවත්කිරීමට ආරම්භ කර ඇත.

paper cutting

 

මීපුර පුරවැසි මාධ්‍යෙව්දී – එම්.එස්.එස්.මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here