මෙහි වන තවත් විශේෂත්වයක් වන්නේ මේ දන්සලට වසර 39 ක් තිස්සේ නොකඩවාම සම්මාදම් වු තැනැත්තියක් වු ලිලාවති අම්මාගේ කථාවයි.
ඇය අදත් උදේවරුවේ 39 වන වතාවටත් අල සුද්ද කරමින් සිය සැදැහැවත් දායකත්වය සපමින් සිටියාය.
ඇය දැන් සිටින්නේ 75 විය පසුකරමිනි.
එහෙත් ඇය තවමත් කඩිසරය.අන් හා කරට කර සිටිමින් අල කිලෝ ගානක් සුද්ද කළාය.
අපි මහත්තයෝ මේ දන්සල දෙන්න වෙළදාම් කරන අය සවස ගානේ රු 20 ක් ගානේ දාල අවුරුද්දෙම මේ මුදල එකතු කරනවා.
එහෙම කරල අනෙක් අයගෙත් උදව්වෙන් තමයි මේක දැන් 52 වෙනි වතාවටත් කරගෙන යන්නේ .
ඇය අපට දන්සල් ඉතිහාසය ගැන කියන්නේ මහත් වු සතුටකිනි.
40 වෙනි වතාවටත් ඇයට මේ දන්සලට සම්මාදම් වන්නට නිරෝගි සුවය පතමින් අප බන්දුල මාර්කට් එකෙන් නික්මුනේ ලබන වසරේදි යළි මුණගැසෙමුයි එහි වු සියළුව එළවළු වෙළදුන් වෙත පවසමිනි.