මීගමුවේ පුරවරයෙහි ශාන්ත සැබැස්තියෙන් පාරේ ඇති (Hamilton) ඇළ හරහා වැල්ල විදිය දෙසට ඇති පාලම අබලන්වි බර වාහනය ගමන් කිරීම තහනම් කර ඇති බෝඩ් පුවරු සවිකර ඇති ආකාරයක් දක්නට හැකියි.මෙම පාලම අබලන් වී ඇති බවට පුවරු ගසා ඇත්තේ වසර පහක් ටත් පෙර සිටය. එහෙත් එම ප්‍රදේශයේ නගර මධ්‍යයෙන් ගමන් නොකර වාහන මෙම පාලම මතින් ගමන් කරන්නට සලස්වන්නේ නම් වැල්ල වීදිය කුඩා පාඩුව එමෙන්ම කාමච්චෝදය දෙසටත් ගමන් කළ හැකියි. නගර මධ්‍යයෙන් වාහන ගමන් නොකර මෙම පාලම මතින් ගමන් කිරීමේදී ඒ වාහන තදබදය අඩුකර ගැනීමට පුළුවන. ඉතාම උපකාරයක් වෙනවා අතරින් සංචාරක පුරවරයට එන සංචාරක බස් රථ මෙන්ම අනෙකුත් වාහන සඳහාද නගර මධ්‍යයට නොගොස් වාහන තදබදයෙන් තොර ගමන් කිරීමට හැකිවනවා ඇත. සඳහා එමෙන්ම වත වාහන දෙකක් ගමන් කිරීමට එම පාලම අලුත් වැඩියා කිරීම හෝ නව පාලමක් ඉදිකිරීම තුළින් එයා ඉතා මහඟු උපකාරයක් විය හැකියි. එමෙන්ම සංචාරක පුරවරයේ සිට පුරලෝසු කණුවට හෝ දුම්රිය ස්ථානයට අනෙකුත් පෙදෙස් සඳහා ගමන් කරනවා නම් කුඩා පාඩුව දෙසින් පෙරීයාමුල්ලට නොගොස් ඉතා පහසුවෙන් ගමන් කිරීමට ඇති හැකිය. මේ පාලම වහාම ඉදිකිරීමට අදාල අමාත්‍යවරුන් සහ බස්නාහිර පළාත් පාලන ආයතන මෙන්ම අදාල බලධාරීන්ගේ අවධානයට යොමු කරමු.
මීපුර පුරවැසි මාධ්‍ය එම් .එස් .ඵස් මුනීර්.