වස විස නැති ගෙවත්තකට නොමිලේ බීජ කට්ටල

0
193

මීගමුව කටුවාපිටිය, ශාන්ත සෙබස්තියන් ගොවි සංවිධානයේ සහ අංක 93 කදිරාන දිරිය ජනතා ගොවි සංවිධනයේ සාමාජික ගොවි මහත්ම මහත්මාවීන් පිරිසකට මෙලෙස බීජ කට්ටල නොමිලේ ප‍්‍රදානය කිරීම පසුගිය ඔක්තෝබර් 13 වැනි ශනිදා දින සවස කටුවාපිටියේදී සිදු කෙරිණි. ගම්පහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව කි‍්‍රයාවට නැංවෙන මෙම වැඩසටහන සදහා අනුග‍්‍රහකත්වය ලබා දී තිබුනේ ද අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ විමධ්‍යගත ප‍්‍රතිපාදන මගිනි. කෘෂිරසායන ඇතුඵ කිසිදු රසායනික ද්‍රව්‍යයක් උපයෝගී කර නොගෙන සිදු කෙරෙන කාබනික ගොවිතැන සදහා දේශිය බෝග වගාවට අවැසි වන බීජ මෙලෙස බෙදා දෙනු ලැබිණි. කාබනික ගොවිතැන පිලිබදව බාහිර කථීකාචාර්්‍යවරයෙකු සහ පරිසරවේදියෙකු ලෙස ප‍්‍රකට තිලක් කන්දේගෙදර මහතා විසින් සකසන ලද මෙම බීජ කට්ටලය ස`දහා මිරිස් , පිපිඤ්ඤා, තම්පලා, කරවිල, පතෝල, නිවිති, ලේන ඉරි බටු සහ ගොරකා තක්කාලි ඇතුඵ දේශිය බීජ ඇතුලත් වේ.
බීජ කට්ටල බෙදා දීමේ අවස්ථාවට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරන ලේකම් සිසිර කරුණාරත්න මහතා සහභාගී වූ අතර එම අවස්ථාව සංවිධානය කර තිබුනේ කටුවාපිය සහ කදිරාන ප‍්‍රදේශයේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිනි මාරි රුවිනිතා මහත්මිය විසිනි. කටුවාපිටිය, ශාන්ත සෙබස්තියන් ගොවි සංවිධානයේ සභාපති ශාන්ත මහතා ඇතුඵ ගම්වාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.