වළේ වැටුණු මාලදිවයින ශ්‍රමිකයන්ට කුඩම්මාගේ සැලකිලි ඇයි ?

0
160

Sangu-Water-Villas-situated-above-the-crystalline-waters-of-the-Kuredu-Island-Resort-in-the-Maldives

සමාජයක වටිනාකම් අගයන් දියවෙන්නට ප්‍රධානතම ප්‍රශ්නය තමයි ආත්මාර්ථය. දේශපාලඥයෝ උංගේ විකාරවලට දහස් ගණන් මිනිස්සු ආකර්ශනය කර ගන්නේ සැක නොසිතෙන විදිහට. ආත්මාර්ථකාමී යටි අදහස් තියෙන මාධ්‍ය ලොක්කන්ගේ ගෝල බාලයන් විසින් ඒ සඳහා ටෝච් ලයිට් ඇල්ලීම කරනු ලබයි.

ඉතිං ඕවට උදව් කරපු අපේ ඇත්තොලා අපේ සිංහයාය, අපේ බූරුවාය කියලා උද්දාමයට පත් වෙනවාය. මගේ,අපේ කියලා හිතාගෙන හිටපු නායකයෝ දැං කටේ පිට්ටු හිරවුන ගොලුවෝ ගානට ඉන්නේ ඇයි? අද අසරණ වෙලා ඉන්න බහුතරයකට කිසිදු සහනයක් සැලසීමට ඔවුන් උත්සුක වන බවක් පෙන්වන්නේ නැත්තේ ඇයි ? ඔවුන් කරනුයේ සූක්ෂම ලෙසින් බළලුන් ලවා කොස් ඇට බෑවීමයි ?

දරුණු වෛරසයකට වඩා තමන්ගේ අනාගත බල ඉලක්කයන් වැදගත්වේ. කොරෝනා වැනි දරුණු ලෝක වෛරස තත්ත්වයක් තුලදී රටට විදේශ මුදල් සම්ප්‍රේෂණය කරන ශ්‍රමිකයන්ගෙන් තානාපති කාර්‍යාල හරහා ආධාර හිඟා කෑමට උත්සුකවූ රජයක්, ලොව පුරා රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන හරහා විශාල ලෙසින් කොරෝනා මුදල් ලබාගත් රජයක්, විපතට පත් තමන්ගේම ජනතාවගේ ප්‍රශ්නවලට නෑසූ කන්ව සිටිනුයේත්, ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් පෙනී නොසිටුනුයේත් ඇයි ? ජනතාවට වග කිව යුතු රජයක් වශයෙන් මෙම හදිසි තත්ත්වය තුලදී ශ්‍රී ලංකාවට යෑම සඳහා අදාල ආයතන සම්බන්ධීකරනය කොට ප්‍රයෝරිටි ක්‍රමයක් යටතේ ලියාපදිංචියක් කොට අනුක්‍රමික අංකයක් හෝ ලබා නොදී ලිස්සා යෑමේ ප්‍රතිපත්තියක සිටින්නේ ඇයි ?

මේ අදහස් අසා එම දේශපාලන නායකයන්ගේ රට දිනන වැඩ වෙනුවෙන් දර දිය ඇදි අපේ දේශපාලන හිතවතුන් මේ මොහොතේ කඩු පිහි අමෝරා ගෙන ආ යුතු කලක් නොවේ. ඔබලාද මා මෙන්ම සාමාන්‍ය පුරවැසියන්‍ ය. සුපිරි පැළැතියේ උන්ද නොවේ. දේශපාලකයෝද නොවේ. දැන්වත් ආත්මාර්ථකාමී දේශපාලක කපටීන් කවුදැයි යන්න හෝ හඳුනා ගන්න.

මාලේ වැනි අනාරක්ෂිත පසුබිමක දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ දහසකුත් දුක්බර හඬවල්වලට කන් දෙන්නට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීමත්, ඉක්මන් පියවරක් නොගැනීමත්, උදාසීන බවත් මෙන්ම ඔවුන්ගේ ප්‍රා‍යෝගික නොවන වැඩ පිළිවෙලවල්ද අපි පිළිකුලෙන් යුතුව බැහැර කර සිටින්නෙමු..

ක්‍රිස්ටි රාජේන්ද්‍රන් -මාලදිවයින