ව්‍යසනය මාකට් කරන මාධ්‍ය ජාලයන්ගේ ෆන් එකේ තරම ?

0
44

flood 15

මට මතකයි 2012දි ඉන්දියාවෙ දිල්ලියෙ සිද්ධ වුණ කුඩා දැරියක් සමූහ දූෂණයකට ලක් කර මරා දාපු අවස්ථාව. ඒ බරපතල අපරාධය වුණේ බස් රථයක් ඇතුළෙ. එක රැයින් ලොව පුරා මහා වේදනාවකට තුඩු දුන්න මේ සිද්ධියෙදි මොනම වෙලාවකවත් ඉන්දීය මාධ්‍ය ඒ දැරියගෙ නම මාකට් කරන්න හෝ යූස් කරන්න පෙළඹුණේ නැහැ. ඒක මුළු මහත් ලෝකෙටම ආදර්ශයක්. ඇය හැඳින්වීමට ඔවුන් භාවිතා කළා ‘නිර්භයා’ කියන පොදු අන්වර්ථ නාමය.

‘ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන් නෑ’ කියන එකට හොඳම මෑත නිදසුන තමයි ‘සේයා’ දැරියට සිදු වූ අපරාධය. ඒ වෙලාවෙ හැසිරීම් ක්‍රියාවලියෙදි පොලීසියට හපන් මාධ්‍ය. මාධ්‍යයට හපන් පොලීසිය.

මීට හරියටම අවුරුදු 7කට කලින් හරියටම මෙන්න මේ කාලෙදි ‘උතුරෙ දෙමළ ජනතාව’ සරණාගත කඳවුරු වල, තැන් තැන් වල, මැරි මැරී හුස්ම ගත්ත ඒ මිනිස් වේදනා දකුණු ලකේ එකම මනුසත් මාධ්‍යයකටවත් එදා පෙනුණේ නැහැ. හැම හැම චැනලෙම පෙන්නුවෙ ආඩම්බර තාත්තගෙ ප්‍රශස්ති හා රණකාමී ගීත විතරයි.

අද තවත් මොහොතක්. මඟ හැර යා නොහැකි ඉතිහාසය විසින් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින මොහොතක්.

‘අපි මෙච්චරක් එකතු කළා, අපි කියපු හින්දා විතරක් ඒක අහලා මෙතනට මේවා ගෙනාපු මෙච්චරක් අය ඉන්නවා’ කිය කිය මේ මහා ව්‍යසනේ මැද්දෙත් තම තම චැනල් මාකට් කරන ලාංකේය ජඩ මාධ්‍ය ‘ප්‍රමාණාත්මක ෆන්’ නොගෙන ‘ගුණාත්මක කාර්යභාරයක්’ ඉටු කරන දවසට මේ රට මීට වඩා සුන්දර වනු ඇත!

 කසුන් මහේන්ද්‍ර හීනටිගල