ව්‍යාජ ඇමතුම් මගින් ඊසිකෑෂ් ක්‍රමයට මංකොල්ලකෑමේ ජාවාරමක්..

0
38

ආගමික නායකයන්ගේ , ප්‍රභූ පුද්ගලයන්ගේ හා පොලීසියේ ඉහළ තනතුරු දරන්නන්ගේ නම් භානිතා කරමින් ව්‍යාජ දුරකතන ඇමතුම් මගින් ඊසි කෑෂ් හරහා මුදල් මංකොල්ලකෑමේ ජාවාරමක් පිළිබදව තොරතුරු ලැබෙමින් තිබෙන බව වෙන්නප්පුව පොලීසිය කීය.

නයිනමඩම හා වෙන්නප්පුව ප්‍රදේශවලින් එවැනි ව්‍යාජ දුරකථන ඇමතුම් වලට රුවටී මුදල් අහිමි කරගත් ව්‍යාපාරිකයන් සම්බන්දයෙන් තොරතුරු ලැබුණ බවද පොලීසිය පැවසීය. පසුගිය (03)දා නයිනමඩම ප්‍රදේශයේ ලීබඩු ව්‍යාපාරිකයෙකුගේ දුරකතනයකට ප්‍රදේශයේ ආගමික නායකයෙකුගේ නමින් ආ ව්‍යාජ දුරකතන ඇමතුමකට රැවටී රුපියල් හාරදහස් පන්සීයක මුදලක් ඊසිකෑෂ් කර ඇති බවත් පසුව සොයාබැලීමේදී එවැනි දුරකතන ඇමතුමක් ආගමික නායකයෙකු ලබා දී නොමැති බව හෙලිවූ බවද පොලීසිය පවසයි. මෙය සංවිධානාත්මක කල්ලියක විය හැකි බවත් ප්‍රදේශයේ සිටින ව්‍යාපාරිකයන්ගේ අංක ව්‍යාපාරික නාම පුවරු වලින් ප්‍රදේශයේ සිටින ආගමික නායකයන්,ප්‍රභූවරුන්ගේ නම් භාවිතා කරමින් එම ව්‍යාපාරිකයන්ගේන භාණ්ඩ ඉල්ලා පසුව භාණ්ඩ වෙනුවට මුදල් ඊසිකෑෂ් කරන ලෙස ඉල්ලමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

අදාල මුදල් ලැබුණු පසු ඊසි කෑෂ් කරන දුරකතන අංක විසන්ධි කිරීම නිසා ජාවාරම සම්බන්දයෙන් පරීක්ෂණ සිදුකිරීම අපහසු වී ඇතැයි පොලීසිය පවසයි. මේ නිසා කිසිදු සොයා බැලීමකින් තොරව දුරකතනයට එන ඇමතුම් වලට මුදල් ඊසිකෑෂ් කරන ලෙස කරල ඉල්ලීමකදී එලෙස  මුදල් මුදලි ලබා දීම නොකරන ලෙසද පොලීසිය ඉල්ලා සිටී.

සොරකම් කරනලද හැදුනුම්පත් හා මියගිය අයගේ හැදුනුම්පත් භාවිතා කර ලබා ගන්නා සිම් කාඩ්පත් භාවිතා කර මෙ ජාවාරම ක්‍රියාත්මක වන නිසා ජනතාවගේ සුපරික්ෂාකාරීබව හා බුද්ධිය භාවිතාකරමින් මෙවැනි ජාවාරම් වලට සම්බන්ද පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි බවද පොලීසිය කීය.

article-2377751-1AD2F66D000005DC-53_634x424

චන්දන ප්‍රනාන්දු