ව්‍යාපෘති කම්කරුවන් අස්කරන්න කොමසාරිස්වරිය කියයි ! “අයියාගේ ඡන්දය ඉවර වෙනකන් ඉන්න” නගරාධිපති කියයි ?

0
104

NGB MCමීගමුව මහනගර සභාව දැන් ඇත්තේ දැවැන්ත මුල්‍ය අර්බුදයකය. දැනට කාලයක සිට එහි ස්ථිර කම්කරුවන් සදහාද අතිකාල දිමනා පවා ගෙවා නැත.
තතු මෙසේව තිබියදි පසුගිය කාලය තුල නගරාධිපති දයාන් ලංසා විසින් සිය සහෝදරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉලක්ක කොට ගෙන රු කෝටියකට අධික මහජන බදු මුදල වැයකර තිබුණි.
ඒ අධාරකරුවන්ට බෙදිම සදහා ප්ලාස්ටික් පුටු මිළට ගැනිමට මෙන්ම වියළි ආහාර මළු සදහාය.
ඊට අමතර අලුතින් ව්‍යාපෘති කම්කරුවන් පිරිසක්ද බදවා ගත්තේය.පවතින මුල්‍ය අර්බුදය හමුවේ අලුතින් බදවා ගත් ව්‍යාපෘති කම්කරුවන් ඉවත් කරන්න යැයි කොමසාරිස්වරිය නගරාධිපති වරයා දන්වා සිටි අවස්ථාවේ ඔහු කියා ඇතැයි වාර්ථා වන්නේ අයියාගේ ඡන්දය ඉවර වෙනකන් ඉන්න යැයි කියාය.
ඒ අනුව ඉතා පැහැදිලිව පෙනි යන්නේ මිගමුවේ මහජන බදු මුදල් මේ දිනවල ඉතා පැහැදිලි ලෙස සිය සහෝදරයාගේ මැතිවරණය වෙනුවෙන් අතදිගහැර වැය කරන බවය.
මේ පසුබිම යටතේ විපක්ෂය සිටින්නේ මර නින්දකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here