වාරකන් සමය ඇරඹෙයි ! තෙප්පම් ධීවරයින් අසරණයි ! සහන දීමට රජයට වැඩපිළිලෙක් නෑ ?

0
9

 

 

වසරේ මාස 06  ක් පමණ ධීවර රස්සාවක් කරන මීගමුවේ  තෙප්පම් ධීවරයන් මේ දිනවල  ඔවුන් මුහුණ දී  සිටින ජීවත්වීමේ ගැටළුව සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට පසුගිය දිනක මීගමුව ප්‍රා.ලේකම්වරිය හමුවීමට ගොස් තිබුණි.

මුහුද රළු වීම හේතුවෙන් වසරේ මාස 06ක් පමණ කාලයක්  තෙප්පම් ධිවරයන්ට සිය රැකියාව කරගැනිමට නොහැකි වේ .
සැබැවින්ම ඔවුන්ට  තෙප්පමෙන් මුහුදු  ගොස් සිය රැකියාව කරන්නට ලැබෙන්නේ මුහුදේ වලාල කාලය පවතින මාස 6 තුල පමණි

දැන් වාරකන් ඇරඹි තිබේ. දැනට සතියක පමණ කාලයක සිට කාලගුණ තත්වයද  අයහපත්ය. සුළු කුනාටු තත්වයක්ද වරින් වර පවති

මේ පසුබිම තුල  මිගමුව වැල්ලවිදියේ තෙප්පම් ධිවර පවුල් රැසකට මේ දිනවල  එදිනෙදා ජිවත්විම පවා ගැටළුකාරි වි ඇත.
තතු එසේ වුවද  ඔවුන්ගේ අර්බුදයට විසඳුමක් දීමට මේ වනවිට කිසිඳු  ආයතනයක ප්‍රතිපාදන හෝ වැඩපිළිවෙලක් නොමැති බව ප්‍රා.ලේකම්වරිය  පවසා තිබුණි.

මේ අකාරයට ඉතාම අසරණ වීමට ඔවුන්ට සිදුව ඇත්තේ  වාරකන් කාලයට තෙප්පම් ධීවරයින්ට මුහුදට ගොස් ධීවර රැකියාව සිදුකිරීම දුෂ්කර නිසා ඔවුන්ට එම කාලය තුළ ජීවත්විම සඳහා ආදායම් මාර්ගයක් නොමැතිකම බව තෙප්පම් ධීවරයිනේ පවුල් වල සාමාජකයින් පවසා සිටිති.

මීගමුවේ පමණක් තෙප්පම් ධීවරයින් පවුල් 110 ක් පමණ ජීවත්වන අතර පසුගිය වසර කීපය තුළ රටේ ආර්ථීකයට සිදුවූ පරිහානිය  විශාල වශයෙන් බලපෑවේ මෙවැනි සුළු රැකියාවන් වල නිරත වන ආන්තික කොටස් වලටය.

දැනට වසර 3කට හෝ 4 කට පෙර රටේ තිබූ තත්ත්වයට වඩා බෙහෙවින් ආර්ථික දුෂ්කරතා වර්ධනය වී ඇති පසුබිමක තෙප්පම් ධීවර පවුල් වලට එදිනෙදා සිය ආහාර පාන සොයාගැනිමට ද විශාල සටනක් සිදුකිරීමට සිදුව ඇති බවත් බොහෝ අවස්ථා වල දරුවන්ව පාසල් නොයවා සිටින තත්ත්වයක් උදාවී ඇති බව ඇතැයි ඔවුන් ප්‍රකාශ කර සිටියි

එක් ධීවරයෙක් පැවසූවේ දිනකට දරුවෙක්ව පාසල් යැවිමට නම් අතට රැ 200ක් වත් දිය යුතු බවත් ගෙදර කන්න නොතිබුනොත් දරුවන් පාසල් නොයව තබාගැනිමට සිදුව ඇති බවය.

පසුගිය කාල වල ඔවුන්ට ලැබුණ සමෘද්ධි මුදල මේ වනවිට ඔවුන්ගෙන් කපා හැර ඇති අතර,අස්වැසුම වැඩසටහනෙන් මෙම ධීවර පවුල් ඉවත්කර ඇති බවත් ,ගමේ ව්‍යාපාර කරන මුදලාලිලාට අස්වැසුම ලබාදී ඇති අතර දුප්පත් ධීවර ප්‍රජාවක් වන ඔවුන්ව අස්වැසුමෙන් ඉවත්කර ඇතැයි මෙි ධිවරයෝ චෝදනා කර සිටිති

තෙප්පම් ධීවරයින් හමුවිමට දැනට වසරකට පෙර පැමිණි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ලබාදුන් පොරොන්දු තවමත් එතනමය. තෙප්පම් රස්සාව සදහා පහසුවන ආකාරයට මුහුදට ගල්වැටියක් ලබාදීම, කොටු දැල් දමා ධීවර කර්මාන්තය සිදුකරන ධීවරයින් නිසා තෙප්පම් ධීවරයින්ට මාලු හිග වීමට විසදුමක් ලෙස මුහුදේ යම් සිමාවක් වෙන්කර බෝයාවක් සැකසාදීම, සාමාජිකයින් අලුත් තෙප්පම් ලබාදීම මෙම පොරොන්දු අතර ප්‍රධාන ඒවාවේ.

පවුල් එකසිය ගණනක් සිටින ධීවර සමිතියට ලබාදී ඇත්තේ බෝට්ටු 25ක් පමණක

ඔවන් පවසන්නේ පසුගිය  කාලයේ රජය විසින් බෙදාදුන් හාල් ධීවරයින්ට ආහාරයට ගත නොහැකි රතු නාඩු හාල් වර්ගයක් වීමත් එබැවින් එම හාල් කිලෝ 10 ම නැවත කඩයට දුන් බවය.

තමන් පත්ව ඇති මෙම දුෂ්කර තත්ත්වය තුළ වාරකන් කාලය තුළ දී ඔවුන්ට නිරතවීමට කිසියම් හෝ කාර්්‍යයක් ඔවුන්ට ලබාදෙන ලෙස ඔවුන්  රජයට යෝජනා කර සිටි.

ධීවර අමාත්‍යාංශයට සම්බන්ධ ,ධීවර රැකියාවට සම්බන්ධ ක්‍රියාකාරම්වල නිරතවිමට මෙම ධීවර  ප්‍රජාව උනන්දුවක් දක්වති.

තෙප්පම් ධිවර වෘත්තියේ නියැලෙන අති බහුතරයක් දෙනා වයස වැඩි අය වන අතර තරුණයන් සිටින්නේ ඉතාමත් සුළු පිරිසකි.