වාරකන් සමය ඇරඹෙයි 

0
343

 

මේ දිනවල එනම් පසුගිය මැයි 18 වැනිදා  පමණ සිට වාරකන් සමය ඇරඹී ඇති බව  තෙප්පන් ධීවරයින් සලකති.
ඒ අනුව තද වැසි,තද සුළං සහිත මෙම කාලයට  තෙප්පම් ධීවරයින් රැකියාවට නොයන අතර වාරකන් නිමවනතුරු එනම් මේ වසරේ ඔක්තෝබර් මස (2024/10) දක්වා මාස 06 ක පමණ කාලයක් ඔවුන් තෙප්පන්  රස්සාව අතහරිනු ලබයි. ඉන්පසු එළඹෙන කාලය තුළ තෙප්පම් ධීවරයින් ජිවත්විම  වෙනුවෙන් , ඇන්ජින් සහිත බෝට්ටු වල අත් උදව් කරුවන් ලෙස සහ සහායක ධීවරයන් ලෙසද තාවකාලිකව රැකියාවේ යෙදෙති. සමහර  ධීවරයින් මේ  කාලය තුළ පෙදරේරු වැඩ සඳහා අත් උදව්කරුවන් ලෙසද සමහරුන් කුලි රැකියාවල නිරත වෙති.
මෙම වාරකන් කාලයේ කුඩා ඇන්ජින් සහිත ධීවර බෝට්ටු රාත්‍රී කාලයේ දැල් දමා උදෑසන එම දැල් ගොඩට ඇදීමෙන් යම් මසුන් ප්‍රමාණයක් ලෙල්ලම් ආශ්‍රිතව අලෙවි යට තබා ඇතත් වෙනදා ලෙල්ලම් වලට පැමිණ මසුන් මිලදී ගන්නා පාරිභෝගිකයෙන් අද වන විට 75% පමණ අඩු වී ඇතැයි ද ධීවරයින් පවසති.
පවතින කාලගුණය හමුවේ තෙප්පම් ධීවරයන් ඇතුළු කුඩා බෝට්ටු මගින් ධීවර රැකියාවේ යෙදෙන පිරිස් වලට මුහුදු නොයා සිටින ලෙස රජයෙන් අවවාද කළත් රැකියාව  නොමැති එම දිනවලට ඔවුන් හට ධීවර දෙපාර්තමේන්තුව ඇතුළු වෙනයම් රජයේ ආයතනයකින් හෝ කිසිදු සහන වැඩසටහනක් හෝ දීමනාවක් හෝ ලබාදීමට රජය කටයුතු යොදා නොමැත.