වරාය නගරය නිසා මිගමුවේ වෙරළ ඛාදනයක් කිසිදා සිදුනොවන බව එදා කියු ලංසා දැන් මොකද කියන්නේ ?(විඩියෝ )

0
160

received_419363202123399ඇමති  නිමල් ලංසා පසුගිය ජුලි 25  වෙනිදා  වරාය නගර ව්‍යපෘතිය ඉතා ඉහලින් අගයමින් කථා කර තිබුණ අතර පසුගිය කාලය තුල මිගමුව සහ කොළඹ වෙරළ ඛාදනයට ලක්වෙනවා යැයි එජාපය සහ සිවිල් සංවිධාන එදා බොරු චෝදනා කළ බවට ඔහු එහිදි සදහන් කර තිබුණි.
එහෙත් දැන් සැබැවින්ම ලංසාගේ කථාව ඔහුටම පාරාවලල්ලක් වි ඇත්තේ  ඔහු අයිතිවාසිකම් කියන්න සැරෙන මිගමුව ආසනය මෙන්ම වත්තය ආසනය තුල පසුගිය දිනවල දරුණු වෙරළ ඛාදනයක් සිදුව තිබිමය.
විශේෂයෙන්ම මිගමුවේ ඉතාමත් සුන්දර ස්ථානයක් වු මෝරවල මේ වන විට දරුණු වෙරළ ඛාදනයකට ලක්ව තිබේ.
ප්‍රදේශවාසින් මේ ගැන චෝදනා කර සිටින්නේ වෙරළ නගර ව්‍යපෘතියටය.
ඒ හේතුවෙන් දරුණු වෙරළ ඛාදනයක් සිදුවෙමින් නිවාස පවා මුහුදට ගසාගෙන යන තත්වයක් මතුව ඇතැයි ඔහුවු චෝදනා කර සිටිති
.එපමණක් නොව මේ දිනවල මිගමුව දූවේ ගම්වාසින් දැවැන්ත ජිවිත අර්බුදයකට මුහුණ දි ඇත්තේ දරුණු මුහුදු ඛාදනයක් මේ දිනවල සිදුවෙමින් තිබිම නිසාය.එපමණත් නොව මිගමුව පෝරුතොට ප්‍රදේශයේද දැනටමත් නිවාස ගණනාවක් විනාශයට පත්ව තිබේ.

නිමල් ලංසා මන්ත්‍රිතුමාගේ කථාව ( විඩියෝ )