වාහන කැඩුවොත් බලාගෙනයි! බෝම්බ බිය පතුරවන්නන් හැම තැනම?

0
179

broken carමෑත කාලිනව බිය පැතිරවිම කිසියම් දේශපාලන බලවේගයන්ගේ උපක්‍රමයක් බවට පත්කෙරෙමින් ජාතික ආරක්ෂාව පවා අනතුරේ හෙලා තිබේ.
බලය ලබාගැනිමට කෙටිමං සේවිමේ රාජපක්ෂ උපක්‍රමයන්ගේ ප්‍රතිඵල ලෙස සිංහල අන්තවාදය මෙන්ම මුස්ලිම් අන්තවාදයද පසුගිය කාලය තුල පිමි පනිමින් වර්ධන වි තිබුනේ ඇතැමුන් ආරක්ෂක අමාත්‍යංශයෙන් පවා පඩි ලබමින්ය.
මුස්ලිම් අන්තාවාදින් විසින් කතෝලික පල්ලි මෙන්ම සංචාරක හෝටල් ඉලක්ක කොටගෙන එල්ල වු පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමගින් මේ සමාජය තුල බිය පැතිර යන්නට පටන් ගති.
කාර් බෝම්බ වල සිට පාර්සල්  බෝම්බ හරහා සමාජ ගතවු මේ මරණ බිය හේතුවෙන් දැනටත් ඇතැම්  පල්ලිවලට තවමත් අවිගත් ආරක්ෂක අංශවල රැකවරණය ලැබෙමින් තිබේ.
මේ අතර කටකතා පැතිර යැවිම හේතුවෙන් මේ සමාජය බියෙන් මුසපත් කිරිමටත් රට ආනාරක්ෂිත යැයි මතයක් ගොඩනැගිමටත් ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරගෙන යමින් සිටින බව මුසාවක් නොවේ.
මේ පසුබිම මත කැඩුන රථයක් පවා සමාජය බියෙන් යළි තැති ගැන්විමට සමත්ය.
පසුගිය දිනවල අප යළිත් මෙය අත්දකින්නට වීමු.
අප සිටින්නේ මැතිවරණයක් මුව විටේ තබාගෙනය.
ත්‍රස්ත බිය රට අනාරක්ෂිත යැයි කියමින් ඡන්ද ලබාගන්නට බලා සිටින දේශපාලනයට විශාල අවියකි.
එබැවින් කැඩුන වාහන ගැන දැන් වෙනදාටත් වඩා අයිතිකරු පරිස්සම් විය යුතු කාලයක් යළිත් පැමිණ තිබේ.