වාහන නැති කොළඹ ආරම්භය සාර්ථකයි.

0
102

FB_IMG_1563107897535කොළඹ විහාර මහාදේවි උද්‍යානය සහ නිදහස් චතුරස්‍රය අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමමින්, අද (14දා) උදෑසන කාලයේදී මෝටර් රථවලින් තොර කලාපයක් ලෙස පැවති Car Free CMB සමාරම්භක වැඩසටහනට සැලකිය යුතු සහභාගීත්වයක් පැවතීම හොඳ ලක්ෂණයකි.

නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට සහභාගි වී සිටි බොහෝ පිරිස් කියා සිටියේ ලෝකයේ දියුණු සුහුරු නගරයක් ලෙස කොළඹ නගරය ඔසවා තැබෙන පරිසර හිතකාමී අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවයි. එමෙන්ම, විදේශයන්හි සංචාරය කර හෝ විදේශයන්හි පදිංචිව සිට මෙරටට පැමිණි ඇතැම් දෙනා කියා සිටියේ මෙවැනි අත්දැකීම් ඔවුන් ඒ රටවල සෑම ඉරිදා දිනයකම අත්විඳින බවයි. ඒ නිසා ඔවුන් මෙවැනි අවස්ථාවක් අප රට තුළද අත්විඳීමට මහත් ආසාවෙන් බලාසිටි බව සඳහන් කළේය..

Photo credit to owners .

News written by ෂමිල පෙරේරා Ada