වාහන වල දැවිතෙල් වලින් කඩල බැදපු ව්‍යාපාරිකයෙකු මීගමුවේදි කොටුවෙයි ?

0
131

Bombay-Mixවාහනවලින් ඉවත ලද දැවි තෙල් ආශ්‍රයෙන් කඩල බැදිම සදහා කටයුතු කළ ව්‍යාපාරිකයෙකු පිළිබදව මීගමුව නගරයෙන් වාර්ථා වේ.
මේ ක්‍රියාව පිළිබදව මුල්ම හෝඩුවාව ලැබුනේ පසුගියදා මේ කඩය පිටුපස සිදුව තිබුන ගින්නක් හේතුවෙනි.
මෙසේ කඩල බදිමින් සිටින අතරේ සිදුවු ගින්නක් නිවීම සදහා මිගමුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කර තිබුණි.
එහෙත් මේ ගින්න පැනනගින්නට හේතුව විමසිම සදහා ගිනිනිවන ඒකකය අදාල විමසිම් කරන්නට ගිය අවස්ථාවේදි එයට ඉඩලබානොදිමටද මේ කඩල කඩේ ව්‍යාපාරිකයා කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් එහි වු දොරක් කඩා ඊට ඇතුළු වු අවස්ථාවේදි මෙසේ දැවි තෙල් භාවිතා කරමින් කඩල බැද තිබුන අයුරු දැකගන්නට හැකිව තිබුණි.ගැස් හෝ වෙනත් දෙයක් භාවිතා කරනු වෙනුවට දැවිතෙල් ආධාරයෙන් ක්‍රියාත්මක කිරිම සදහා සකසාගත් ලිපක ආධාරයෙන් මෙසේ කඩල බැදිම සිදුකරනු ලබන බව කියැවේ.
මීගමුවේ ප්‍රධාන පෙලේ බෙහෙත් බඩු කඩයක් වු අලියාමරික්කාර් වෙළද සැල ඉදිරිපිට මේ කඩල කඩය පිහිටා තිබේ.
මේ හෙළිදරව්ව සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියා සිටියේ අදාල ස්ථානය පරික්ෂා කළ බවත් ඒ සම්බන්ධ අවැසි පියවර ගන්නට පියවර ගන්නා බවත්ය.