දැනටමත් ආරම්භ කර ඇති විවිධාකරවූ සංවර්ධනය යැයි කියවෙන ව්‍යාපෘති ක්‍රියාමාර්ග නිසා ඔවුන්ගේ මාදැල් වාඩි අහිමිවීම ආරමිභවී ඇත. තම නිවාස මුහුදට ගසා ගෙන ගොස් ඇත. පල්ලියට කෝවිලට මුස්ලිම් දේවස්ථානයට ගිය පාර කටුකම්බි ගසා වසා දැමීමට ව්‍යාපාරිකයින්ට හැකිවී ඇත.
වසර 300 කටත් වඩා වැඩි කාලයක් භාවිතා කල තොටුපොල ව්‍යාපාරිකයින් කම්බි ගසා අවහිර කර අත්පත් කර ගැනීමට නඩු පවරා ඇත. පාරිසරික සංචාරක කර්මාන්තය දිරි ගන්වන බව ප්‍රකාශ කරමින් වෙරළ තීරයේ ඇති සාරවත් කඩොලාන පද්ධතිය විනාශ කර දමති. ප්‍රෙදේශයේ මාදැල් හිමිකරුවන්ගේ විරෝධය නොතකා වෙරලේ මාදැල් පාඩු අවහිර කරමින් නාවික හමුදා ආරක්ෂක කූටි ඉඳිවෙමින් පවතී. මුහුදට යාවනසේ අගල් කපා තම ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් මහමුහුද දූපත තුළට ගෙන ඒමට කිසිදු පාරිසරික අවසරයක් අවශ්‍ය නැත. එපමණක් නොව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර කිසිත් නොමැතිව තම ඉඩමට යාබද මුහුදු තීරයට ගල් දැමීමට ව්‍යාපාරිකයන්ට හැකියාව ඇත. මෙම ප්‍රශ්න වලට නොබියව මුහුණ දීමට සිටින ජන කොටස් විවිධ උපක‍්‍රම භාවිතා කරමින් බිය වද්දා නිහඩ කර ඇත.පරම්පරා ගණනාවක් මෙම ප්‍රදේශයේ ජීවත්වන මෙම ජනතාව මුහුද ගැන මෙන්ම එහි හැසිරීම් රටාව ගැන ද හොඳින් දනිති. මහමුහුද ප්‍රචණ්ඩ වන විට ඔවුන් කරනුයේ දූපතේ අභ්‍යන්තරයට සෙමින් ගමන් කිරීමයි. කෙසේ වුවද මෙයින් පසුව නම් මෙයට ඔවුනට පුළුවන් කමක් නැත. රජයේ අනුග්‍රහය යටතේ ව්‍යාපාරිකයින් ක්‍රියාත්මක කරන සංචාරක ව්‍යාපෘතිය සඳහා මෙම භූමිය අත්පත් කරගෙන ඒ වටා වැටවල් ඉදිකොට ගේට්ටු දමා ඇත.
නමුත් මෙම පීඩාවන්ට ප්‍රෙදේශයේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇත්තේ තනිවම වීම ප්‍රශ්නයේ ඇති භයානකත්වය උග්‍ර කරයි. මෙමගින් ප්‍රදේශයේ ජනතාවගේ නිවාස සහ ජීවනෝපාය අවදානමට ලක් වන අතර ජීවිතයට ඇති අවධානම හා ආරක්ෂාවෙ තර්ජන මැද ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වී බලවත් මානසික පීඩාවකට ඔවුන් ලක්වී ඇත.
කෙසේ වුවද මෙම ජන පිරිස අසංවිධානාත්මකය. පවතින මර්ධනකාරී වාතාවරණය තූල සංවිධාන ගතවීමට ඇති අවකාශයද තවත් හීන කර ඇත. මෙම කාරණයේදී මෙම ජනතාවට හඩක් නොනැගිය හැකි තත්ත්වයක් උදා වී ඇති අතර පිළිසරණක් පතා යා හැකි තැනක් හෝ කෙනෙකු නොමැති යැයි ඔවුනට හැඟී ඇත.
යෝජිත කල්පිටිය ඒකාබද්ධ සංචාරක ප‍්‍රවර්ධන කලාපය හා කල්පිටිය දුපත් වාසී ජනතාවගේ ඉරණම
2010 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව වූ මිලියන 6 ක් වූ අතර එය වසර 2016 වන විට මිලියන 25 දක්වා වැඩි කිරීම උදෙසා ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට යෝජිත සංචාරක ප‍්‍රවර්ධන සැලැස්මේ කොටසක් ලෙස 2008 වසරේදී ආරම්භ කරන ලද කල්පිටිය ඕලන්ද බොක්ක නිවාඩු නිකේතන සංවර්ධන ව්‍යාපෘතියේ භූමි ප‍්‍රදේශය ලෙස පුත්තලම දිස්ත‍්‍රික්කයේ කල්පිටිය ප‍්‍රදේශයේ දූපත් 14 ක් තෝරා ගැනීමට ශ්‍රීලංකා සංචාරක මණ්ඩලය ක්‍රියා කොට ඇත. කල්පිටිය යනු පුත්තලම් කලපුව ඉන්දියන් සාගරයෙන් වෙන් කරනා අර්ධද්වීපයක් වන අතර විවිධ වූ ජෛව වාසස්ථාන සඳහා නිජබිමක් වන සමුද්‍ර අභයභූමියක් ද එහි දක්නට ලැබේ. කොරල්පර, තැනිතලා වෙරළ තීරයන්, ලූණුලේවායන්, කඩොලාන කලපු, ලවණ වගුරුබිම්ල සුවිසල් වැලිපර සහිත වෙරළ යනාදී ජෛව වාසස්ථාන මෙම ප‍්‍රදේශයේ දක්නට ලැබේ. ඩොල්පින් මත්ස්‍යයින්, මුහුදු කැස්බෑවන් සහ කොරල්පර මෙම කලාපය තුළ බහුලව දක්නට ලැබේ. විල්පත්තු අභයභූමිය, ඓතිහාසික ඕලන්ද කොටුව සහ පල්ලිය, තලවිල ශාන්ත ආනා පල්ලිය සහ ඓතිහාසික අනුරාධපුර නගරය යන මේවා කල්පිටිය අවට පිහිටා ඇති සංචාරක ආකර්ෂණ ස්ථාන වේ.
මෙම දූපත් 14 සතුව හෙක්ටයාර් 1672.67 (අක්කර 4133ග19) ක භූමි ප‍්‍රමාණයක් ඇත. හෙක්ටයාර් 26894 (අක්කර 664.28) ක් වන දූපත් 9 ක් මුළුමනින්ම රජයේ ඉඩම් වන අතර ඉතිරි ඒවායේ අයිතිය රජයටත් පෞද්ගලික හිමිකරුවන්ටත් යන දෙකොටසම පවතී.
මෙම ප‍්‍රදේශයේ ධීවර පවුල් 10,000 කට වැඩි සංඛ්‍යාවක් ජීවත්වේ. බහුතරය සිංහල සහ මුස්ලිම් ජාතිකයන් වන අතර දෙමළ ජනතාවද තැනින් තැන දක්නට ලැබේ. රෝමානු කතෝලික සහ ඉස්ලාම් දහම අදහන්නන් මෙහි බහුලව වාසය කරති. රටේ අනෙක් ප‍්‍රදේශ හා සැසදීමෙදී කල්පිටිය සාපේක්ෂ වශයෙන් ඌන සංවර්ධනයක් සහිත ප‍්‍රදේශයකි. අධ්‍යාපනය,සෞඛ්‍ය ආරක්ෂණය, යටිතල පහසුකම් සහ වෙනත් සේවා මෙම ප‍්‍රදේශයේ විරල වන අතර පවතින ඒවාද අඩු ප‍්‍රමිතියකින් යුතුය. උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාව සමස්ථයක් ලෙස මූලික සමාජ දර්ශක විෂයයෙහිලා ඉහළ ස්ථානයක ස්ථානගත වී තිබුණද මෙම ප‍්‍රදේශයේ ධීවර ප‍්‍රජාව අතර පාසල් අධ්‍යාපනය 4 හෝ 5 වැනි ශ්‍රේණිවලට පමණක් සීමා වේ.
යෝජිත සංචාරක ප‍්‍රවර්ධන සැලැස්මට අනුව සමස්ත කාමර ධාරිතාව 5000 ක් සහ ඇඳන් ධාරිතාව 10000 ක් වන ආකාරයට හෝටල් 17 ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මේවා තරු පහ සහ තරු හතර වන හෝටල් 3 බැගින්ද තරු තුනේ හෝටල් 2 ක් ද තරු දෙකේ හෝටල 1 ක් ද තරු එකේ හෝටලයක් ද වන ආකාරයට ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර ඉතිරි 7 තවමත් වර්ගිකරණයට ලක් කර නැත. ධීවර සංචාරක කර්මාන්තය, ගැඹුරු මුහුදේ කිමිදීම, සොබාදහම පාදක සංචාරක කර්මාන්තය, මුහුදු වෙරළ, ක‍්‍රීඩා සහ වික‍්‍රමයන් ආශ‍්‍රිත සංචාරක කර්මාන්තය සහ කෘෂි සංචාරක කර්මාන්තය යනාදී ආකාරයට විවිධ වර්ග ගණනාවකට අයත් සංචාරක ක‍්‍රියාකාරකම් රැසක් ආරම්භ කිරීමට නියමිතව ඇත.
හෝටල්, ගෙපැළවල්, ජල බංගලා, ආයුර්වේද රෝහල්, වෙරළ කබානාල, සූර්ය මඩු, එළිමහනේ සාදා ඇති පුළුස්සන ලද මස් අලෙවි සැල්, එළිමහන් ප‍්‍රසාංගික සංදර්ශන යනාදිය ද මෙහි දක්නට ලැබෙනු ඇත.
සියළුම වර්ගවලට අයත් සංචාරකයන් මෙම නිවාඩු නිකේතනයට ආකර්ෂණය කර ගැනීම උදෙසා සංචාරක ආකර්ෂණ ස්ථාන සහ ක‍්‍රියාකාරකම් ගණනාවක් මෙහිදී ලබා දෙනු ලැබේ. කේබල් කාර් මගින් සංචාරය කිරීමට අවස්ථා, උද්‍යාන, දිය යට සතුටු උද්‍යාන, බෝට්ටු සංචාර, ජල ක්‍රීඩා පිටි, නිරීක්ෂණ කුඵණු කදවුරු බැඳීම, තුරග තරග පිටි, ක්‍රිකට් ක්‍රීඩාංගන, ගොවිපළ සහ උද්භිද උද්‍යාන, සාප්පු මධ්‍යස්ථාන, කෞතුකාගාර, කලා සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන යන මේවා බාල මහළු පොහොසත් සහනදායී මිල ගණන් සොයනා, වීර ක්‍රියා වලට ලැදි, සන්සුන් සංචාරයට කැමති ආදී විවිධ වර්ග වලට අයත් සංචාරකයන්ට පහසුකම් සලසනු ඇත.
සංචාරක කර්මාන්තයට පහසුකම් සැලසීම උදෙසා හෙලිකොප්ටර යාත‍්‍රාංගනල මුහුදු ගුවන්යානා නැවතුම්පලවල්, ජැටි, සයිකල් මාර්ග සහ අඩිපාරවල් යනාදී යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ඇත . උච්චිමුනේ දුපතේ දේශීය ගුවන් තොටුපොලක් ඉදි කරනු ඇත . එලෙසම විදුලිය, ජලය, ජලාපවාහනය, විදුලි සංදේශ සහ ඝණ සහ දියර අපද්‍රව්‍ය බැහැරලීමේ කටයුතු යනාදී කටයුතුද ක්‍රියාත්මක කරනු ඇත. රජයේ ඇස්තමේන්තුවලට අනුව සෘජු රැකියා 15000 ක්ද වක්‍ර රැකියා 22500 ක් ද ලෙස අළුතින් රැකියා 37500 ක් මෙම ව්‍යාපෘතිය මගින් උත්පාදනය කරනු ඇත. දේශීය සංස්ථා සහ බහුජාතික සමාගම් සමග එක්ව කටයුතු කරමින් මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන කොටස්කරුවන් ලෙස පෞද්ගලික අංශය ක්‍රියා කරයි.
දූපතේ නම සමස්ථ භූමි ප‍්‍රමාණය සංචාරක ව්‍යාපාරයට වෙන්කර ඇති භූමිය
බත්තලන්ගූන්ඩුව 145.53 124.67 හෙක්ටයාර්
පල්ලියවත්ත 60.75 59.37
උචිචිමුනේ 449.30 443.79
පෙරිය අරිචිචලේ 45.60 44.41
සින්න අරිචිචලේ 16.82 16.63
ඉරමතිවි 100.21 90.56
සින්නඉරමතිවි 2.22 2.11
ඉරමතිවි බටහිර 4.53 4.25
කාකතිවි 281.9 27.15
මොහොත්තූවාරම 714.69 201.28
ඉලුප්පන්තිවි 54.95 බදුදී අවසන්
වෙල්ලේ 1 1 .55 බදුදී අවසන්
වෙල්ලේ 11 10 .80 බදුදී අවසන්
වෙල්ලේ 111 13 .70 බදුදී අවසන්
ප‍්‍රදේශවාසී ජනතාව අතරින් දූපත් 3 ක ජනතාව මෙන්ම ගොඩබිම ආශි‍්‍රත ප‍්‍රදේශ 3 ක ජනතාව හමුවීමට අපට අවස්ථාවක් ලැබුනු අතර ජනතාව දැක්වූ ප‍්‍රතිචාර මෙහි සටහන් කිරීම වැදගත් යයි සිතමු-
පහළින් ගලා එන ජනතාවගේ අදහස්
මොහොත්තුවාරාම, ඉලූප්පන්තිව් සහ උච්චිමුනේ යන දූපත් තුනේ ජීවත් වන ප්‍රජාවන් සහ පුද්ගලයන් සමගත් ආනවාස, කන්දකූලිය හා කූඩව ග්‍රාමයන්හි ජනතාව හමුවී කරුනු ගවේෂණය කිරීමට අපට හැකිවිය.
මොහොත්තුවාරාම
මොහොත්තුවාරාම ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවිත සීඝ‍්‍රයෙන් වෙනස් වෙමින් පවති.ඔවුහු එම ප‍්‍රදේශවල පරම්පරා ගණනාවක් තිස්සේ ජීවත් වන අතර මුහුද ඇත්තේ සිය නිවෙස්වල දොරකඩය. මුහුදට ගොස් මාදැල් එලා මසුන් මැරීම හෝ කූඩා බෝට්ටුවෙන් තෙප්පමෙන් ඔරුවෙන් කළපුවට හෝ මුහුදට ගොස් මසුන් මැරීම ඔවුන්ගේ ජීවනෝපායයි. මිරිදිය හිඟකම නිසා ඔවුනට ගොවිතැන් කිරීමට නොහැකි අතර ඔවුන්ගේ මූලිකම හා එකම ජීවනෝපාය ධීවර කර්මාන්තයයි.
සමහර පුද්ගලයන් කකුළුවන් සහ සිප්පිකටු එකතු කිරීම සිදු කරන අතර කිහිප දෙනෙකු කුඩා ව්‍යාපාර පවත්වාගෙන යති. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් පසු දූපතේද ඉඩම් බෙදා දීමක් රජය විසින් සිදු කරන ලදී. කෙසේ වුවද බොහෝ දෙනෙකූට ඉඩම් ඔප්පු නොමැති අතර ඉඩම් සඳහා ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකම් කීම, එකම ඉඩම සඳහා බොහෝ දෙනෙකු අයිතිවාසිකම් කීම,ඉඩම් බලෙන් අල්ලාගැනීම, දූෂණය සහ පරම්පරා ගණනාවක් තිස්සේ ඇදී යන ඉඩම් නඩු යනාදී කාරණා හේතු කොටගෙන ඉඩම් වල අයිතිවාසිකම් නිර්ණය කිරීම ඉතාම දුෂ්කර හා ගැටළු සහිත කාර්යයක් වී ඇත. මෙම සංචාරක ව්‍යාපෘතියට අයත් දූපත් අතරින් විශාලම දූපත මොහොත්තූවාරම හෙවත් ‘ඩච් බේය‘. මෙහි හෙක්ටෙයාර් 715.14 (අක්කර 1766.33) පවතින අතර ඒ අනුව යෝජිත හෝටල් 17 න් 10 ක් හෙවත් සම්පූර්ණ කාමර 5000 න් 2300 ක් එහි ඉදි කිරීමට නියමිතව ඇත. සංචාරකයින් නිරතුරුවම මෙහොත්තුවාරාම ප්‍රදේශයට පැමිණ ඇතත් එතරම් විශාල සංචාරකයින් සංඛ්‍යාවක් නොපැමිණි බැවින් ඔවුන්ගෙන් ප්‍රෙද්ශයේ ජනතාවගේ ජීවන රිද්මයට කිසිදු බාධාවක් ඇති නොවීය. 2004 වසරේ සිට මෙම ප්රදේශය තුළ සංචාරක කර්මාන්තය විශාල ලෙස දියුණු කිරීම පිළිබඳ අදහස් ක්‍රමයෙන් ඇති වූ අතර ඒ අනුව මෙම ප්‍රදේශයට සංචාරකයන් ආගමනය වීම ඉහළ ගියේය. ඉතාම ලාභ මට්ටමක තිබූ ඉඩම් පොහොසත් මිනිසුන් විසින් අත් කර ගැනීම ආරම්භ විය. ඉන් පසුව එම ඉඩම් ඉඩම් සංවර්ධනය කරන්නන්ට විකුණන ලද අතර ඔවුන් විසින් ඉඩම් වට කොට වැට මායිම් යොදා කොටු කරන ලදී .
1985 වසරේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව මාදැල් ක්‍රියාත්මක කිරීම සඳහා මීටර් 20 ක වෙරළ භූමි ප්‍රමාණයක් පමණක් ලබා දුන්නද අවශ්‍යතාවය හා සම්ප‍්‍රදාය අනුව මෙම කාර්යය සඳහා වෙන් කළ යුතු භූමි ප්‍රමාණය මීටර් 100 ක් විය යුතුය. මීටර් සිය ගණනක් තරම් දිග වෙරළ තීරයන් ව්‍යාපාරිකයන් විසින් අවහිර කිරීම හේතු කොට ගෙන මා දැල් ඇදීම සඳහා ඇති ඉඩකඩ හදිසියේම අහෝසි විය. වැට මායිම් තවත් ඉදිරියට දීර්ඝ කර ඇත. හසන් ගේට් සහ දි සිල්වා වැනි සමාගම් තමන් සතුව ඇති භූමියට ප්‍රෙව්ශ නොවන ලෙස දන්වමින් දැන්වීම් පුවරු සවි කර ඇති අතර සංචාරක මණ්ඩලය ද මෙම ක්‍රියාමාර්ගයම අනුගමනය කිරීම හේතුවෙන් මිනිසුන් අසරණ වී ඇත . මුහුදට හා මුහුදු වෙරළට ඇති පහසු ප්‍රවේශ මාර්ග අහිමි වී ඇතිවාක් මෙන්ම මෙම ජනතාවට තමන් තම ජීවන චර්යාවේ කොටසක් ලෙස යායුතු ස්ථානයන් වන පල්ලිය, කනත්ත සහ වෙනත් ස්ථානවලට යාම සඳහාද දිගු දුරක් පයින් ගමන් කරමින් වක්‍ර මාර්ග හරහා යාමට සිදු වී ඇත. මුහුද ගොඩ ගලන විටදී කලින් අවස්ථා වලදී මෙන් රට අභ්‍යන්තරයට ගමන් කිරිමේ හැකියාව දැන් ඔවුනට නැත . සමහර වැටවල් ඉදි කර ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තූව මගින් පනවා කි‍්‍රයාත්මක කරන 1981 වෙරළ සංරක්ෂණ පනත මගින් කිසිදු ඉදිකිරීමක් සිදු කිරීම නීතිවිරෝධී බව පවසන වන වඩදිය මායිමේ සිට පිහිටි මීටර් 300 සීමාව තුළය.
මේ සියළු කාර්යයන් සිදු කර ඇත්තේ ප්‍රදේශයේ ජනතාවගෙන් අදහස් විමසීමකින් තොරව වන අතර එහෙයින් ඔවුන් තුළ මේ ගැන ව්‍යාකූල තත්ත්වයක් හා අමනාපයක් ඇති වී ඇත. තම අනාගතය ගැන සැක සංකා හා බිය සිත් තුළ ඇති වීම හේතුවෙන් ඔවුන් සියළු දෙනා ක‍්‍රමයෙන් සියළු භේද ඉවතලා එක් හඩකින් නැගී සිටීමට තීරණය කර ඇත .
ඉලූප්පන්තිව්
සියයකට වැඩි ධීවරයන් සංඛ්‍යාවක් ඉලූප්පන්තිව් දුපතේ සතියේ දිනවල ජීවත්වෙමින් ධීවර කටයුතු වල නිරත වන අතර අධික ඉන්ධන වියදම දරාගැනීම සදහා මෙසේ දුෂ්කර ක්‍රියා කරන ඔවුන් සති අන්තයේදී ඔවුහු දුපතෙන් බැහැර කල්පිටියේ පිහිටි තම නිවෙස් කරා යති. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද දුපතට පැමිණ ඔවුන් සමග නතර වී සිටිති. දුපත ඉන්දියන් ව්‍යාපාරික හෝටල්කරුවකු විසින් අත්පත් කරගෙන ඇති අතර ධීවරයාට දූපතේ නතර වී ධීවර කටයුතුවල නිරත වීමට ඔහු විසින් මේ දක්වා ඉඩ දී ඇති මුත් අනාගතයේදී කෙබඳු තත්ත්වයක් උදා වේදැයි කිසිවෙකුටත් කිව නොහැකිය. අල්ලා ගත හැකි මසුන් ප‍්‍රමාණය ස්ථාවර නොවන අතර ක‍්‍රමයෙන් අඩු වන තත්ත්වයක්ද දක්නට ඇත. සමහර අවස්ථා වලදී ධීවරයෙකු දිනකට රු 2000 පමණ වටිනාකම ඇති මසුන් ප‍්‍රමාණයක් අල්ලා ගැනීමට සමත් වන මුත් තවත් සමහර අවස්ථා වලදී කිසිදු ආදායමක් නොලැබේ. ප්‍රායෝගික යථාර්ථය වන්නේ මෙම ධීවරයන් සියළු දෙනාම තමාටම කියා බෝට්ටු මිලදී ගැනීම, එන්ජින් අලූත්වැඩියා කිරීම හෝ දැල් මිලදී ගැනීම යනාදී කාර්යයන් සඳහා ගිනි පොලීකරුවන්ට ණය වී සිටීමය. 10% හෝ 12% ක අධික පොලියක් ණය සඳහා ඔවුහු ගෙවති.
ධීවර කටයුතු සඳහා සීමිත ප‍්‍රමාණයකට බලපත්‍ර හා හැඳුනුම්පත් නිකුත් කිරීම මගින් නාවික හමුදාව ඔවුනට සහයෝගය දක්වා ඇත . අක්කර 190 ක් පමණ වන මුළු දූපතෙන් ඉතාම කුඩා බිම් කොටසක් හෝ තම ධීවර කටයුතු කරගෙන යාම සඳහා ලබා දෙන ලෙස මෙම ධීවරයෝ ඉල්ලා සිටිති. හෝටල්කරු විසින් ඔවුනට අක්කර 5 ක භූමි භාගයක් ලබා දුන්නද මෙම භූමිය තුළ අධික ලෙස මුහුදු වල්පැලෑටි වර්ධනය වී ඇති හෙයින් බෝට්ටු වල එන්ජින් වලට අලාභ හානි සිදු වේ. සුදුසු භූමි භාගයක් තම ධීවර කටයුතු සඳහා ලබා ගැනීම මේ අවස්ථාවේදී ඔවුන්ගේ පරමාර්ථයයි.
එනමුදු හෝටල් විසින් සහ සංචාරක කර්මාන්තය විසින් මෙම ප‍්‍රදේශය ආක්‍රමනය කරනු ලබන තත්ත්වයක් තුළ තම සාමකාමී හා තෘප්තිමත් ජීවන රටාව සීඝ‍්‍ර ලෙස වෙනස් වීම පිළිබඳව මෙම ජනතාව කනස්සල්ලෙන් පසුවෙති. ඔවුනට තම බිරින්දෑවරුන් හා දරුවන් දූපතට රැගෙන විත් ජීවත් වීමට ඉඩ ප්‍රස්ථාව සැලසේවිද යන ප්‍රශ්නයට පිළිතුර දන්නේ කාලය පමණි.
උචිචිමුනේ
උච්චිමුනේ ප්‍රෙදේශයේ කලක් පවුල් 600කට වැඩි සංඛ්‍යාවක් ජීවත් විය. යුධමය තත්ත්වය සහ දූපත තුළ ප්‍රාථ‍්‍මික මට්ටමෙන් ඉහළට පාසල් නොමැති වීම යන කාරණා හේතු කොටගෙන මෙම ජනතාව කල්පිටිය ප්‍රෙද්ශයට සංක‍්‍රමණය විය. දැනටත් පවුල් 270 පමණ මෙම ප්‍රදේශයේ ජීවත් වූවත් ඉඩම් ඔප්පු නොමැත. රජය විසින් ප්‍රදේශවාසීන්ට කුඩා බිම් කැබලි වෙන් කර දී ඇති මුත් සැබෑ ලෙස ඉඩම් බෙදා දීමක් තවමත් සිදු කර නොමැත. මුහුද ආසන්න විශාල බිම් කොටසක් සංචාරක ව්‍යාපාරය සඳහා වෙන් කර ඇත. ඇතුළු වීම සඳහා සීමා බාධක නියම කරමින් නාවික හමුදාව විසින් සවි කරන ලද ප‍්‍රදර්ශන පුවරු මෙම ප්රදේශය තුළ දැකිය හැකි අතර උස කටු කම්බි වැටවල් සවි කොට ගේට්ටු දමා අගුල් සවි කොට ඇත. දූපත ආශි‍්‍රත කළපුවට සංචාරක මුහුදු ගුවන්යානා 25 කි. ගොඩ බැස්සවීම සඳහා තොටුපලක් ඉදි කිරීමටද සැලසුම් කර ඇත.
මෙය ධීවර ජනතාවට හිතකර සැලසුමක් නොවන බව මීගමුවෙ ජලචර ගූවන් යානා අරගලයට දායකවී අත්දැකීම් ඇති ජනතාව දනී. මෙම සියළු කාරණා නිසා දූපත් වාසී ජනතාව භීතියටත් ව්‍යාකූලතාවයටත් එලෙසම බෙහෙවින්ම කෝපයටත් පත්ව ඇත. තම ගැටළු සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයකට පැමිණීම සහ තමන්ගේ අරමුණු පැහැදිලිව ගොනු කර ගැනීම උදෙසා කිසියම් සංවිධානයක් ගොඩ නගා ඒ සඳහා බාහිර සහයෝගයද ලබා ගැනීම පිණිස තම ගැටළු පුද්ගලිකව හා ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් සිටිති.
ආනවාසල ජනතාවගේ අදහස්
මෙතෙක් නිදහසේ රැකියාව කල හදිසි කරදරයකදී තම ඔරුව බෝට්ටුව ගොඩට ගෙන ගිය විල්පත්තූ මායිමෙ භූමියට ඇතූළුවීමට තහංචි පනවා ඇත. ධීවරයෙක් හදිසි කරදරයකදී හෝ මෙම ප්‍රදේශයට ඇතූළු වුවහොත් වනජීවි සංරක්ෂණ නිළධාරීන් ධීවරයින් අත් අඩංගූවට ගැනීම සිදුකරයි. ආනවාසල ධිවර තොටුපොල වසර 300 කටත් පැරණි මෙම ජනතාවගේ පාරමිපරික උරුමයකි. නමුත් ඇග්‍රෙමැරීන් නමි සමාගමෙ ව්‍යාපාරිකයන් මෙම තොටුපොල හා එයට ප්‍රවිශ්ඨ මාර්ගය අත්පත් කර ගැනීමට නීතිමය පියවර ගනිමින් සිටිති. මේ සදහා නීතිමය සහාය ලබාගැනීමෙ වෑයමක ජනතාව නිරතව සිටිති.
විශේෂයෙන්ම ඉලුප්පන්තිවි දූපතේ රැකියාවෙ නියුතු සියළුම ධීවර පිරිස ආනවාසල මුල් පදිංචිකරුවන් වීම නිසා දිනපතාම මෙම ධීවර සමිතියට ලැබෙන ඉල්ලීමි පැමිණිලි සංඛ්‍යාව අති විශාලය. පාරමිපරිකව මෙම දූපත්වල රැකියාෙව් නිරතවූ ධීවරයින්ගේ උරුමය අහිමිකරමින් සිදුකරන සංචාරක කර්මාන්තයකට ජනතාවගේ කිසිදු එකගතාවක් නොමැත එසේම ආනවාසල ධීවරයින් මතූකරන වැදගත් කරුණක් වනුයේ මෙම ප‍්‍රදේශයේ ඇති කඩොලාන පරිසර පද්ධතිය විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවයි. සමස්ථ කලපුවෙහිම පැවැත්ම තීරණය කරන කඩොලාන පරිසරය විනාශ කර සිදුකරන හෝටල් ඉදිකිරිම නිසා කළපු පරිසරයේ තිරසර භාවය පිළිබදව සංචාරක කර්මාන්තකරුවන් මෙන්ම රජය හා වගකිව යුත්තන්ගේ අවධානය යොමුනොවීම පිළිබදව ජනතාව නගන ප්‍රශ්ණ වලට කඩිනමි පිළිතූරු අවශ්‍යය.
කන්දකූලිය හා කූඩාව ප‍්‍රදේශවාසීන්
මෙම ප්‍රෙද්ශයන්හි ජනතාව අතරින් 98% ම මෙම සංචාරක ව්‍යාපෘතියට එකග නැත. රජය ගෙනයන වැඩපිළිවෙල තූල කෙසේ හෝ සංචාරක කි‍්‍රයාවලිය ඉදිරියට කරගෙන යන ආකාරය තූල ජනතාව අසරණවී ඇත. නමුත් පාරමිපරික උරුමය අතහැර දැමීමට ජනතාවගේ සූදානමක්ද නැත. ඉඩමි කොල්ලයක් සීඝ‍්‍රයෙන් සිදුකෙරෙන අතර ජනතාව සතූ ඉඩමි විකූණා දැමීමට බලපෑමි සිදුකෙරේ. ව්‍යාපාරිකයින්ගේ තැරැවිකරුවන් ගමිමාන තූල ක්‍රියාත්මක වෙමින් ඉඩමි විකිණීමට ජනතාව පෙළඹවිම මෙන්ම නීති විරෝධී ලෙස ඉඩමි ඔප්පු පිලියෙල කිරීමද ජයටම සිදුකෙරේ. දූපත් වාසීන් හා ඒකාබද්ධව මෙම තත්වයට මුහුණදීමෙහි වැදගත්කම අවධාරණය කරන මෙම පිරිස ඒ සදහා නායකත්වය ගැනීමටද මැලි නැත. ඒකාබද්ධ නායකත්ව කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමට ඔවුන් සූදානමිව සිටී.
යෝජිත සංචාරක කලාප උවදුරෙන් මිදී තම ජීවිත ආරක්ෂා කර ගැනීමට දූපත් වාසී ජනතාව ඉදිරිපත් කරන යෝජනා
මෙම ව්‍යාපෘතිය සම්බන්ධව තව තවත් තොරතුරු තමන්ට අවශ්‍ය වේ. ප්‍රාෙද්ශීය ලේකම්වරයා වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරිx තම නිවෙස් වලින් නෙරපනු ලැබීම හෝ අවතැන් වීමකට ලක්වීම පිළිබඳව තමන් තුළ බියක් ඇත
x යෙකු පැමිණ එම තොරතුරු තමන්ට ලබා දිය යුතුය.
x තමනට අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂණය සහ යටිතල පහසුකම් අවශ්‍ය වන අතර ඒවා තමන්ගේ ප‍්‍රමුඛ අවශ්‍යතාවන් වේ.
x සංචාරක ව්‍යාපාරය මගින් තම සම්ප‍්‍රදායික ජීවන රටාවට හානි කොට තම සංස්කෘතියට තර්ජනයක් වේ යැයි තමන් තුළ බියක් ඇත. ආහාර වල සිට සමාජ සබඳතා දක්වා වූ සියඵ දේ වෙනස් වීමට ඉඩ තිබේ.
x සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා අවස්ථා නිර්මාණය වේ ද යන්න පිළිබඳව තමන්ට ඇති විශ්වාසය ඉතා අල්ප ය
x සාපේක්ෂ ලෙස ගත් විට තමන්ට කිසියම් බලයක් නොමැති වුවද විරෝධතාවක් දැක්වීමට තමන් තුළ කැමැත්තක් ඇත .
x තර්ජනයට ලක්ව ඇති අනෙකුත් දූපත් වල ජනතාව සමග මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට ඔවුන් තුළ අදහසක් ඇත.
x ප්‍රමාදයකින් තොරව තමන්ට ඉඩම් සඳහා හිමිකම් ඔප්පු ලබා දිය යුතුය.
x සංචාරක කර්මාන්තය තම ජීවිතවලට හා ජීවනෝපායයන්ට බාධාවක් නොවිය යුතුය
x මුහුදට හා සංචාරක දුපත් වලට පෙර පරිදි පහසුවෙන් ළඟා විය හැක ප්‍රවේශ මාර්ග භාවිතයට තමන්ට ඉඩකඩ ලබා දිය යුතුය.
x තම ඉඩම්වලින් ඉවත්ව යන ලෙස රජය විසින් හෝ ඉඩම් සංවර්ධනය කරන්නන් විසින් හෝ තමන්ට බලපෑම් නොකළ යුතුය.
x විශේෂයෙන්ම දූපත් ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරත වීමේදී නාවික හමුදාව සහ වෙනත් ආරක්ෂක හමුදා සාමාජිකයන් සමග ඇති විය හැකි අනවබෝධයන් හා ගැටඵ වළකාලීම උදෙසා ධීවරයන් සඳහා ධීවර හැඳුනුම්පත් ලබා දිය යුතුය.
x මෙම කාර්යය සම්බන්ධව ප‍්‍රදේශවාසීන්ගේ අදහස් ලබා ගත යුතු අතර සියඵ සැලසුම් හා යෝජනා පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතු වේ. ප්‍රෙද්ශවාසීන් මෙම සමස්ත ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බව අවබෝධ කරගත යුතු වේ.
හර්මන් කූමාර – කැදවුමිකරු ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය