වැඩනම් “ජාත්‍යන්තර” හැබැයි ගෙවිම් නම් පට්ටම “ලෝකල් ” ඈ…?

0
46

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉන්නේ ලොකු අර්බුදයක.ජිවිත් වෙන්න තරම් ආදයමක් එයාලට දැන් මේ කර්මාන්තයෙන් හොයාගන්න බැරිතරම්.

තෙල් ගහගෙන නිව්ස් කවර් කරන්න ගියත් ,නිව්ස් එක ගියොත් විතරයි ගෙවිම් ලැබෙන්නේ බොහෝවිට.

ඕක තමයි ඇත්ත .ඉතින් ගොඩක් අය විවිධ උද්ඝෝෂණ ,වැඩමුළු මාධ්‍ය සාකච්ජා වලට ආරාධනා කලාම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඇත්තම තත්වය දන්න අය තෙල්ටිකක් ගහගන්න කියල පොඩි ගානක් අතට දෙන එක දැන් සම්ප්‍රදායක් වෙලා.

ලගදි මිගමුවේ හෝටලයක තිබුන ජාත්‍යන්තර වැඩක්.සමුළුවක්.එ⁣කේ අවසාන දවසේ මාධ්‍ය සාකච්ඡාවකුත් තිබිල.

මාධ්‍යවේදීන් කිපදෙනෙකුත් වැඩේ ආවරණය කරන්න ඇවිත් තිබුනලු.මේක ජාත්‍යන්තර වැඩක් වුනාට හැබැයි මේකේ සංවිධායකයන්⁣  මාධ්‍යවේදීන්ගේ මහන්සිය තක්සේරු කරල තිබුනේ පට්ටම ලෝකල් විදියටලු.

මේ ජාත්‍යන්තර සමුළුවට ලක්ෂ කීයක් විතර වැය වෙන්න ඇතිද?

මාධ්‍යවේදීයෙක්ට තෙල් ටිකක් ගහගන්න කියල කීයක් විතර දෙන්න ඇතිද?