වැඩ බැරි ටාසන්ලාගේ වීදි ලාම්පු දේශපාලනය?

0
42

( 8.30 am ) වැඩ බැරි ටාසන්ලා හිතන්නේ විදි ලාම්පු දැමිල්ල තමයි සිරාම වැඩේ කියල . ඇත්ත ඒකත් වැදගත් තමයි . හැබැයි දැන් වැඩේ කියන්නේ නගර සභාවේ විදුලි අංශේ අයටත් කරදයක් වෙච්ච සමහර මාලිමා දේශපාලකයෙෝ   ඉන්නවලු එයාල  ජාතික ජන බලවේගයේ ලෙටර් හෙඩ් එකේම ලියමු ගහල අර පාරට මේ පාරට ලයිට් දාන්න කියල එවන.

අපට කථාකරපු විදුලි අංශේ සේවයකයෙක් කිව්වෙි මෙහෙම කථාවක්  ” ජාතික ජන බලවේගයේ එක දේශපාලයෙක් නම් දැන් නම් වාතයක් වෙලා ඉන්නේ මොකද ඒයා හිතන්නේ එයා එවන හැම ලියුමකම  තියෙන පාරවල් වලට ලයිට් දාල දෙන්න ඕන කියල  යකෝ මේක මාර වැඩක්නේ . ආවේ නම් සිස්ටම් චේන්ජ් කරන්න කියල පුහ්..”

ගමේ සමුපාකාරය නිර්දේශාලණියකරණය කරන එකම තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ . හැබැයි දැන් වෙන්නේ වෙන දෙයක් . දැන් හැමෝම මේ දවස් වල තරගෙට පාරවල් වලට ලයිට් හයි කරන්න දගලන්නේ  සමුපේ ඡන්දෙත් ලග හින්ද.ඊයේ නගර සභාවේ ලයිට් වලියත් එහෙම කේස් එකක්ලු.ලංසා පාර්ශවය සහ මාලිමා පාර්ශවය අතර තමයි මේ ලයිට් වලිය පත්තු වෙලා තියෙන්නේ.

ඊයේත් මිගමුව මහ නගර සභාවේ අස්සේ ලයිට් වලියක් .හැබැයි මේ වලියට මැදිවෙච්ච ජාතික ජනබලවේගයේ සගයෙක්ව  තනිකරල හොරෙන්ම පැනල ගිය වැඩ බැරි ටාසන්ල ගැනත් නගර සභා සේවකයෝ කිව්වේ නම් කෝචොක් එකට වගේ.

ලංසලගේ කට්ටිය ගේම ඉල්ලන කොට එතන තනි වෙලා තිබුනේ මාලිමාවේ සගයෙක්ලු…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here