වැඩිමිළට ලොකු ළූණු වික්කොත් වැඩ වරදි ! වැටලිම් අද සිට !

0
101

1582787144-onion_lරජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට පටහැනිව ලොකු ළූණු අලෙවිකරන වෙළඳුන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් අද (27) සිට ආරම්භ කර බව පාරිභෝගික කටයුතු පිළිබඳ  අධිකාරිය පවසයි.

එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩර මහතා පැවසුවේ දිවයින පුරා දීප ව්‍යප්තව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් හා පොලීසිය එක්ව මෙම වැටලීම් සිදුකරන බවයි.

ඒ අනුව ලොකු ළූණු කිලෝවක් සඳහා නියම කර ඇති රුපියල් 190 ක උපරිම සිල්ලර මිලට පටහැනි ඉහළ මිල ගණන් යටතේ ලොකු ළූණු අලෙවි නොකරන ලෙස වෙළඳුන් දැනුවත් කර ඇති බව අසේල බණ්ඩර මහතා සඳහන් කළේය.