වැඩිවන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මිගමුව රෝහලට පහසුකම් වැඩිකරන්න -රෝහලෙන් ඉල්ලීමක්

0
230

ඩෙංගු වසංගතය මේ දිනවල  සීඝ්‍ර ලෙස මීගමුව සහ අවට ප්‍රදේශ වල ව්‍යාප්ත වෙමින් තිබෙන අතර පසුගිය මාස 3 තුළ ඩෙංගු උණ වැලඳුන රෝගීන්ගෙන් මීගමුව රෝහලේ වාට්ටු ද පිරී අැති බව  මීගමුව රෝහල් වාර්තා තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය විසින් කරන ලද විමසීමකට පිලිතුරු දුන් මීගමුව මූලික රෝහල් අධිකාරිතුමිය පවසා සිටියේ මේ වන විට  වැඩීවී ඇති ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම තිබෙන අඩු පහසුකම් මැද ඉතාම දුෂ්කර තත්වයක සිදුකරගෙන යන  අතර ඇතිවී ඇති  රෝහල් කාර්්‍ය මන්ඩල අඩුපාඩු සපුරන ලෙස මධ්‍යම රජයෙන් සහ ගම්පහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාට ඉල්ලීම යොමුකොට ඇති බවත්ය.
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී රෝහල මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුව ලෙස  හෙද කාර්්‍ය මණ්ඩලයේ  ඇති අඩුපාඩුව ඇය පෙන්වා දුන් අතර ඇය පවසා සිටියේ  හෙද කාර්්‍ය මණ්ඩලය අවම තරමින් 20ක් පමණ අවශ්‍ය වන අතර කනිෂ්ඨ කාර්්‍ය මණ්ඩලය 10ක් පමණ අවශ්‍යව ඇති බවයි.  මෙම අඩුපාඩුව සපුරාලිම සදහා මීගමුව රෝහල විසින්  ත්‍රිවිධ හමුදාවේ හෝ අඩුම වශයෙන් ග්‍රාමාරක්ෂක සේවාවේ නිලධාරින් හෝ ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම් වලට මේ වනතුරුත්  කිසිදු ප්‍රතිචාරයක් ලැබි නැති බවත් ඉදිරියේදී හෝ එම ඉල්ලීම සපුරනු ඇතැයි බලාපොෙරාත්තුවෙන් සිටින බව අධිකාරීවරිය සදහන් කර සිටියාය.
රෝහලේ ඇදන් සංබ්‍යාව වැඩි කිරීමට හැකියාවක් නොමැති නිසා වසංගත රෝග මර්ධන ඒකකය හරහා හට් එකක් ඉදිකිරිමට බලාපොරෛාත්තු වන බවත් තවදුරටත් ඇය පවසා සිටියාය. ඩෙංගු රෝගී්න්ගේ ගණන වැඩිවන නමුත් කිසිදු මරණයක් මෙම වසර මේ මීගමුව රෝහල තුළින් වාර්තා වී නොමැති බවත් රෝහල් අධිකාරීවරිය පවසා සිටියාය.dengu-wrd-1

2017 වසරේ ජනවාරි,පෙබරවාරි,මාර්තු යන මාස වල  මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටුවේ තිබෙන ඇඳන් 17 ම පිරී තිබී ඇති අතර, අසාධ්‍ය රෝගීන් පමණක්  ඩෙංගු ඒකකයට යොමුකොට  ඇත.  මේ වන විට අනෙක් වාට්ටු වල ඇඳන් මත රෝගීන් දෙදෙනෙකුව නවතා ප්‍රතිකාර කිරීමට සිදුවී ඇති බවට  මීගමුව රෝහලෙන් වාර්තා වේ. මාර්තු මාසයේදී  මීගමුව රෝහලෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 370ක් පමණ වන අතර ප්‍රදේශයේ ඩෙංගු රෝගින් පිළිබද සංඛ්‍යාත්මක වර්ධනයක් වාර්තා වෙමින් තිබේ.
2016 වසරේ මුල් මාස 3නට සාපේක්ෂව 2017 වසරේ රෝහලෙන් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව මේ අකාරවේ.


2017    ජනවාරි   550  පෙබරවාරි 300   මාර්තු 370
2016    ජනවාරි   330  පෙරවාරි 170     මාර්තු 180