වැඩේ අතරමඟ දාල යන්නේ නෑ!

0
368

මිගමුව ටවුම මැද ඔරලෝසු කණුව කාලයක් යනකම් ජාරාජිර්ණ වෙලා ඔරලෝසුවක්වත් නැතුව තියෙද්දි නත්තල් කාලේ එතන පිළිසකර කරල සුපිරියටම ඔරලෝසු කණුව හැදුවේ හිටපු නාගරික කොමසාරිස්වරිය.

එයා වෙනුවට අලුත් කෙනෙක්ව ඊයේ ඉදන් එවල තිබුන.

හැබැයි හිටපු කොමසාරිස්වරිය අද දවාලෙත් අර ඔරලෝසු කණු⁣වේ ඉතුරු වැඩ ටික කරවන්න මහන්සි වුන විදිය දැක්ක.IMG 20250109 WA0053 01

එයා වැඩක් පටන් ගත්තා.ඒ ඔරලෝසු කණුව හදන එක විතරක් නෙමේ මිගමුවේ ජනතාවට විනයක් වෙලා තිබුන පවුල් පාලනයක වංචා දුෂණ සහ ඒවට අනුබල දුන්න හැමඑකාටම ලෙසටම දඬුවම් දෙන්න.

අන්න ඒ පටන් ගත්ත වැඩේ අතඅරින්න හොඳ නැ.ලංසලගෙ කටු ලෙවකාපු සෙට් එකක් තාමත් නගර සභාව ඇතුලේ ඉන්නව.මෙයාල කරපු වංචා දුෂණ දැන් හරි පැහැදිලියි.ඉජිනේරුවගේ ඉදන් ලොකු සෙට් එකක් ඉන්නව ගණුදෙණු බේරගන්න ඕනා.

හැබැයි මාලිමාකාරයෝ බහුතරයකට මේව ගැන වගේ වගක් නෑ.⁣දෙතුන් දෙනෙක් තමයි ඇත්තටම ගේමට බැහැල ඉන්නේ.

ඒ හින්දම මිගමුවට ශක්තිමත් පුරවැසි සමාජයක් ඕනා.මිගමුවේ පොදු සම්පත් පවුලක සැප වෙනුවෙන් උලා කාල තියෙද්දි ,ඒව ගැන දවස ගානේ ඇගේ හැප්පෙන උදාහරණ ඕන තරම් තියෙද්දි කව්ද මේව ගැන කතා කරන්නේ.

පුරවැසි කියන නම දාල අටවන් තියෙන සංවිධාන කෑලිත් තියෙනව හැබැයි මෙලෝ රහක් නෑ.පුරවැසි කියන නමටත් නිගාවක්.

මිගමුවේ ඇත්ත අරගලයක් හදන වැඩවලදි මිගමුවේ තියෙන සංවිධාන කරපු ලබ්බක් නැති තරම්.

ඒ හින්දම ශක්තිමත් පුරවැසි සමාජයක් කල් නොගිහින්ම ඉක්මනින් හදන්න වෙනව.හැබැයි ලෙඩ නැති ඇත්ත පුරවැසියොත් එක්ක

ඒක අභියෝගයක්.හැබැයි අරගලයේ අත්දැකිම් ⁣මේකට ඇත්තටම උත්තේජනයක්.මොකද මිගමුවේ පඩියට ජනතා අරගල ගැන දවසගානේ ලොරි ටොක් දීපු අදත් ඒව ගැන ගිරව් වගේ කියවන අය ඉද්දි ඇත්ත මිනිස්සුත් එක්ක  විතරක් වැඩක් කරන්න පුලුවන් පුරවැසි සමාජයක් හදන්න පුලුවන්.

අරගලයේ දින 100ඉවර වෙනකොට ඒක පුරවැසි සභාවක් හැටියට පරිවර්තනය කරගන්න ඕන කිව්වට සමහර අයට වෙන මොකක්දො කඩිකුලප්පුවක් තිබුන.හැබැයි දැන් එයාල⁣ගේ ලෙඩත් සනිපයි වගේ.ඒ හින්ද එදා යට ගිය වැඩේ දැන් පටන් ගන්න පුලුවන්..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here