වැඩ නොකරපු සජබ මිගමු නාගරික මන්ත්‍රිලට තවත් ඡන්දයක් මොකටද?

0
318

එජාපෙන් ජන්දෙ අරන් පස්සේ සජබ ට පැන්න මිගමුවේ නගාරික මන්ත්‍රීලා අති බහුතරයක් ජනතාවගේ පැත්තේ හිටගෙන ඒ අය වෙනුවෙන් කටයුතු කරන බවක් පසුගිය කාලය පුරාවටම පෙනුනේ නැත.

ඔවුන් වැඩි දෙනෙකු ලංසා පවුලට අවැසි දේ වෙනුවෙන් පේවි සිටි අයුරු ඉතා පැහැදිලිය.

එයට පෙරළා ලංසා පවුල කෘත ගුණ සලකා තිබුනේ පාරවල් ,බෝක්කු, සහ කානු කොන්ත්‍රාත් මේ අය වෙත ලබාදෙමිනි.

මේ ආකාරයෙන් කාවින්ද ජයවර්ධන වටා එක් රොක්වි සිටි බහුතරයක් මන්ත්‍රීලා තමන්ගේ ගාණ කපා ගැනිම වෙනුවෙන් කටයුතු කලා මිස,ලංසා පවුලේ අමන මජර දූෂණ වලට එරෙහිව මීක් ගෑවේ නැත.මේ නාගරික මන්ත්‍රීලා පමණක් නොව සජබ මිගමු ආසන සංවිධාක කාවින්ද ජයවර්ධනද එසේමය.ලංසා පවුලේ ජඩකම් ගැන ඔහුද හැම⁣දාමත් නිහඬය.

ජනතාවට පස්ස හරවා සිය බඩවියත පමණක් රැක ගත් මේ සජබ නාගරික මන්ත්‍රීලාට ඉක්මනින් ඡන්දයක් තියන්න යැයි බලකිරිමට අයිතියක් ඇද්ද.

ඇත්තටම මේ අයට ඡන්දයක් තියන්නට යැයි කියන්නට කිසිදු අයිතියක් ඇත්තේම නැත.