වැඩ නොකර දේශපාලන කරපු සෞඛ්‍ය කම්කරුවන්ට වැඩ වරදියි ?

0
201

( 8.30 am ) මැතිවරණ සමය තුල නගර සභාවේ ඇඟිලි සලකුණ තබා සේවයට වාර්තා කර ලංසා පවුලේ දේශපාලන වැඩ වල නියැලුන සෞඛ්‍ය කම්කරුවන් කිපදෙනෙකු සේවය අත්හිටුවා දැමුන අතර ඇතමුන්ගේ වැටුප් ගෙවිම් ද නවතා දමා ඇතියි වාර්තා විය.

පසුගිය සමයේ නගර සභා පාලනය තුල චණ්ඩින් ලෙසින් හැසුරුන මේ ඇතැම් සේවකයන් දැන් කොමාසාරිස්වරිය හමුවිමට දිනපතා එන්නේ නැවත රැකියාව ලබා ගැනිමට පින්සේන්දු වෙමින් බව නගර සභා ආරංචි මාර්ග දක්වා සිටි.

මේ එක් අයෙකුව අනුයක්ත කර තිබුනේ  හිටපු නගරාධිපති දයාන් ලංසාගේ පියගේ අදායම් උත්පාදන ව්‍යාපෘතිය වු වෙරළ උද්‍යානයටය.
මේ තැනැත්තා සැබැවින් ඇතැම් දිනවල හෝ වෙරළ උද්‍යානයේ සේවය කර තිබුනේද යන්න පවා ගැටළු සහගත බව තතු දන්නෝ කියා සිටිති.

කෙසේ වෙතත් මේ ගැන විමසා බලා ඇත්ත වෙනුවෙන් සහතික දිම ඇතැම් බලධාරින්ගේ නිල රාජකාරියයි.එහිදි මේ නිලධාරින් පවා කොයිතරම් අපක්ෂපාතිද යන්න ගැන නගර සභාවේ කම්කරුවෝ මේ දිනවල දැඩි අවධානයකින් පසුවන බව වාර්තාවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here