වැනල් කරපු දොස්තරලා එනකම් මිගමුවේ x ලැබ් එකේ චාටර් වෙන රෝගීන්?

0
48

20160424_090247මේ සටහන තැබෙන්නේ මිගමුවේ එක්තරා ප්‍රධාන  පෙළේ  චැනල් මධ්‍යස්ථානයක සිටය.අදාල වෛද්‍යවරයා  පැමිණිමට නියමිතව තිබුනේ පෙ.ව.8ටය.දැන් වේලාව 9.00 වුවද තවමත් ඔහු පැමිණ නැත.ඔහු එනතෙක් විවිධ වේදනාවන්ද දරාගෙන රෝගිහු ලතවෙමින් සිටිති.

වැනල් මධ්‍යස්ථානයක දි සිදුවනුයේ ගණුදෙනුවකි.එහි මුලික කොන්දේසිය වනුයේ මගේ ඇති කණේ ආමාරුව ගැන බලා අද දින පෙ.ව 8 ට ප්‍රතිකාර කිරිමට අදාල මුදල ගෙවමින් වෛද්‍යවරයා  වෙත වගකිම පවරා සිටිමයි.

මේ ගනුදෙනුවේ සිටින අතරමැදියා වන චැනල් මධ්‍යස්ථානයේ අයිතිකරුවන් විසින් මේ සදහා යම් ගාස්ත්වක් අයකරගැනිම තුලින් ඔවුන්ද මේ ගණුදෙණුවේ වගකිව යුතු පාර්ශවයක් බවට පත්වේ.

එහෙත් රෝගියාට දැන් සිදුව ඇත්තේ ප්‍රමාදයට කිසිසේත්ම වගකියන්නේ නැති දෙපාර්ශවයකට මුදල් ගෙවා බලා සිටින්නටය.

Meepura Hard Talk with X lab by Kumari Fernando