වැරදි දත ගැලවු තැනටම හරි දත ගලවගන්න පැමිණි රැදවියා…

0
165

NGB prisonමීගමුව වරක් රටේම කතා බහට  ලක්වුයේ  මීගමුව රෝහලේදි කාන්තාවකගේ  පාදයක් වැරදිමකින් කපා ඉවත් කිරිමක් සම්බන්ධයෙනි.
යළිත් මීගමුව රෝහල දැන් පුවත් අතරට පැමිණ තිබෙන්නේ මීගමුව බන්ධනගාරයේ රැදවියකගේ වැරදි දතක් ගැලවිම ගැන පුවතක් රටටම කියමිනි.
දතක වේදනාවෙන් පෙළුන රැදවියෙකු පසුගිය දිනක මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ මීගමුව රෝහලේ දන්ත ඒකකයේ වෛද්‍යවරියක් තමන්ගේ වැරදි දතක් ගලවා ඉවත් කර ඇති බව සදහන් කරමිනි.
එහෙත් ඔහු යළිත් මීගමුව රෝහලට අගොස්තු මස 2 වනදා උදේ වරුවේ පැමිණ තිබුණි.
ඒ ගලවා ඉවත් කරගත යුතුව ඇති හරි දත ගලවා දැමිම සදහාය.