වැලන්ටයින් දිනයේ රාජපක්ෂ පාක් එකට ගිය පෙම්යුවලක් නොදැන සිටි ඇත්ත ????

0
556

Prk 1දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා /   සිතුමි රශ්මි නවෝදා  /  සොනාලි මධුෂාණි /

නංගි : අයියේ ඩයිනෝ පාර්ක් එක විවෘත කරලාලු

අයියා :  ඒ කොහෙද නංගි ඩයිනෝ පාර්ක් එක තියෙන්නේ.

නංගි : ඇයි මීගමුවේ පාර්ක් එක. ඇයි අපි පොඩි  කාලේ හැමදාම ඉරිදට් තාත්තයි අම්මයි අපිව  කැන්දන් ගියේ .ඒ පාර්ක් එක.

අයියා : ආ… ඒකද ඒක කොහොමද ඩයිනෝ පාර්ක් එක වෙන්නේ.ඒක  රාජපක්ෂ පාර්ක්  එකනේ.

මීගමුව යනු ඓතිහාසික වටිනාකම් ඇති නගරයකි. ඈත අතීතයේ සිටම නගරයක් ලෙස ගත් කල මීගමුව සුවිශේෂි වන්නේ කොලඹට ආසන්නයේ ඇති ප්‍රධානතම වාණිජ නගරය මෙය විමද නිසාය.
ඒ මීගමුවේ භූගෝලීය පිහිටීමත් හා අප රට පාලනය කල විජාතිකයන්ගේ ප්‍රධාන බලකොටුවක් ලෙස මීගමුව පැවතී නිසාය.
ඒ කලයේ සිටම මීගමුව තුල ආගමීක සහජීවනය හා  සංස්කෘතික වටිනාකම් වලින් යුත් නගරයකි.
විනෝදයට වඩාත් ඇලුම් කරන මීගමු ජනයා  කලාවට සංස්කෘතියට ලැදි  බව අප  කව් රුත් දන්නා කරුණකි.

සවසට වෙරළ තීරයට ගොස් මුහුද දිහා බලා  සැනසීමටත්, නගරය මැද වූ හරිත වනයේහි  නිදහස ගත කරන්නටත් එදා මීගමු බහුතරයක් ජනයාට හැකියාව තිබුනද ගෙවුන  පස් වසරක කාලයක් තුල ඒ  නිදහස භුක්ති විදීමට මීගමු ජනතාවට නොහැකි විය.
ඒ දේශපාලන අධිකාරයේ නොමනා ක්‍රියා හේතුවෙන් රාජපක්ෂ උද්‍යානය වසා දමා තිබිම නිසාය.නමුත් යහපාලනය ඇරඹුමත් සමග  මීගමු ජනයාට නැවතත් තම සංස්කෘතික නිදහස  ගත කිරීමට මන්පෙත් විවර වෙයි.එනම් නගරය මැද වූ අක්කර 7 උද්භිත උද්‍යානය මීපුර වැසියාට නැවත හිමිවීමත් සමගය.

රාජපක්ෂ උද්‍යානය පිළිබද තොරතුරා

 රාජපක්ෂ උද්‍යානයේ ඉතිහාසය

වර්ෂ 1922 සිට අවුරුදු 12ක් කාලයක් මීගමුව මහ නගර සභාපති ලෙස කටයුතු කර ඇති  ඒ.ඊ. රාජපක්ෂ මුදලිදුතුමාගේ පෞද්ගලික උද්‍යානයක් වූ අක්කර 7  කට ආසන්න භූමි භාගය මීගමුවේ ජනයා හට සිය විවේක කාලය නිදහසේ ගත කරන්නට නොමිලේ ලබා දුන්නේය.එතුමා ලබාදුන් ඔප්පුවෙහි   කිසිදු මුදලක් නොගෙවා මෙම උද්‍යානය භාවිතා කිරීමට මීපුර  වැසියාට හිමිවිය යුතු බව සදහන්ය.1941 ඔක්තොම්බර් මස 18  දින එවකට අග්‍රාඅණ්ඩුකාරව කටයුතු කල සර් .ඇන්ඩෘ කොල්ඩ් කොට් මහතා විසින් මෙය පළමුවරට විවෘත කරන ලදි.

උද්‍යානය ලාංසා පාලනයට නතු වෙයි 

රාජපක්ෂ මුදලිදු තුමා කොන්දේසි සහිතව ලබාදුන් මෙම උද්‍යානයට සංවර්ධනයට හෝ  අත නොතැබීමට මෑතක් වනතුරු කිසිදු පාලකයෙකු කටයුතු කලේ නැත.නමුත් රාජපක්ෂ මුදලිදු තුමාගේ ඒ අහිංසක බලාපොරොත්තු සුන්වී යන්නේ 2006 වර්ෂයේදි මීගමුව නගරාධිපතිව සිටි ඇන්ටනි නිමල් ලාංසා පාලන කාලයේදීය.

2007 සැප්තැම්බර් මස 26 දින මීගමුව නගර සභාව විසින් රාජපක්ෂ උද්‍යනය සංවර්ධනය කිරිමට අදහස් කර තිබුනි.එම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජල උද්‍යාන,අයිස් ක්‍රීඩා උද්‍යාන, ළමා උද්‍යාන හා පරිගණක මධ්‍යස්ථාන,බෝට්ටු සවාරි සැලැසුම් තිබුනි.

2007 වසරේදි    නිමල් ලාන්සා හිටපු නගරාධිපති තුමා විසින් මුදලිදු තුමා පරිත්‍යාග කල   මුල්  ඉඩමේ   ඔප්පුව වෙනුවට ප්‍රකාශන ඔප්පුවක් සාදා අවුරුදු 30 කට උද්‍යානය තින් පාක් එන්ටර්ටෙන්මන්ට් නම් වු   සමාගමකට බදුදෙන ලදි.    ( අද වන විට මෙම සමාගම තිබෙන ලිපිනයක්වත් සොයගැනීමට නොහැක ). බදු ඔප්පුව පරිදි මාසිකව ලක්ෂ 05  බැගින් අවුරුදු 30 එම ආයතනය විසින් ටෙන්ඩරය මිලිදි ගෙන තිබුනි.  මෙය එහෙම් පිටින්ම පුරවැසි කේන්ද්‍රීය සංවර්ධනයේන් පිටපැන කොම්පැනි ආදායම හා අන් ලැබෙන වරප්‍රසාද කෙන්ද්‍රකොටගෙන ඇති බව ඉතා පැහැදිලිය. මෙය සංවර්ධනය කිරීමෙන් පසුව එහි ඇතුල්වීම සදහා එක් අයෙකුගෙන් අයකිරීම ගිය මුදල් රු1320 ක් ලෙස වාර්ථා වී තිබුනි. ( තොරතුරු මීපුර පුවත්පත 2007 අගෝස්තු කලාපය )    මීට අමතරව උද්‍යානයේ සංස්කෘතික නිදහස නැති වන්නේද මේ සමයේදීය. ඩයිනෝ පාර්ක් නමින්  වෙස් වලාගෙන ස්භාවික වෘක්ෂලතා කාපා ඉවත් කරමින් මෙම උද්භිත උද්‍යානය කොන්ක්‍රීට් මඩුවක් කර තිබිනි.

2009.7.6 දින සිට නැවත මීගමු මහ නගර සභාවට ගැනීමට නගරාධිපති හර්මන් කුරේ මහතා කටයුතු කරන ලදි.එහිදි එතුමන් විසින් ඔහුගේ ප්‍රධානත්වයේන්  2007 දෙසැම්බර් මස රාජපක්ෂ  ප්‍රතිසංස්කරණ කමිටුව නමින් කමිටුවක්ද ගොඩනගන ලදි.නගරාධිපති තුමාගේ යෝජනාව පරිදි එම කමිටුව විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කර  ඉක්මනින් උද්‍යානය විවෘත කිරීමට අදහස් කර තිබිනි.    මේ කාලයේදි උද්‍යානය තුල සිදු වූ ජාවාරම් එමටය.උද්‍යානය තුල කුඩා කුටි අනාචාර කටයුතු වෙනුවෙන් කුලියට ලබා දීමද මෙහි සිදුවිය.මීට අමතරව වසා දමා ඇති උද්‍යානය තුල පිටුපස ගේට්ටුව විවෘත කොට පෙම්වතුන් සදහා හොරෙන් ඇතුලු වීමට  ඉඩ සලසා ඇති වැඩපිළිවෙලක්ද මෙහි සිදු විය.මේ සදහා එක් අයකුගේන් රු 100 ටිකට් පතක් අලවි කෙරුණු බවද සැලය.

2012 අගොස්තු මස මහසභාවේ විසින් ගනු ලැබු රාජපක්ෂ පාක් එක පිළිබද තීරණයට  එරෙහිව යමින් පාක් එකේ සංවර්ධන කටයුතු  සදහා නිති විරෝධි ලෙසින් ටෙන්ඩරයක් කැදවමින් සුමනසේකර නම් වු සමාගමකට  එහි ඉදිකිරිම් කටයුතු පවරයි. මේ  අනුව ක්‍රියාත්මකව ඇති සමාගමට මෙතෙක් කරන ලද වියදම් වෙනුවෙන් මුදල් ගෙවිමට දැන් සිදුව තිබේ. වු අන්දමට බස්නාහිර පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ පාක් එක සංවර්ධනය කිරිමට නියමිතය.

රාජපක්ෂ උද්‍යානය විවෘත කිරීම

එහෙත් ඒ වෙනුවෙන් තවමත් කිසිදු මුදලක් නොලැබුන තත්වයක් යටතේ සුමනසේකර කොන්ත්‍රාත් සමාගමට ලක්ෂ 50 ක් ගෙවන්නට සිදුව ඇත්තේ නගර සභාවේ මුදල් වලනි.

නොවිසදුම් නැති ප්‍රශ්න මැද මෙම උද්‍යානය මීගමු වැසියාට වසර ගණනාවක් අහිමි වී තිබුනී.

රාජපක්ෂ උද්‍යානය විවෘත වෙයි

ජරා ජිර්නව තිබූ මිගමුව නගර මධ්‍යයයේ ඇති රාජපක්ෂ උද්‍යානය ඉතා අලංකාරව නවි කරනය කර ඉකුත් 2015.01.29 දින මිගමුව නගරාධිපති ඇන්ටන් ජයවිර මහතා අතින් ජනතා අයිතියට පත් කරන ලදි. මෙයට මුදල් ප්‍රතිපාදන වශයෙන්  බස්නාහිර පලාත් සභාවේ සංචාරක අමාත්‍ය අංශය හා මීගමූව නගර සභාව ඒකමුතුව මිලියන 120ක් ලබා දී ඇත .

මෙම රාජපක්ෂ උද්‍යානය ළමා ක්‍රිඩාංගන ,ව්‍යායාම් මංතිරැ හා පාසල් ළමුන්ට අධ්‍යාපනයට වැදගත් වන ඉතා අලංකාර ඔසු උයනකින් සමන් විතයි.මෙම උද්‍යානය දේශිය හා විදේශික සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනිමට හැකි වි ඇත.  පාසල් ළමුන්ට අධ්‍යාපනික චරිකා සදහා මෙම උද්‍යානය නැරඹිය හැකිය.මෙම උද්‍යානය අද වන විට සුන්දර පරිසර පද්ධතියකින් යුතු උද්‍යානයකි.මෙම ව්‍යායාම් මංතිරු පද්ධතිය උදේ පාන්දර ව්‍යායාම් කිරිමට පැමිණෙන මිනිසුන්ට විවෘතව පවතී. එක් දිනයක් පැමිණෙන අයෙකුට රු: 50 ක මුදලක් අය කරයි. දිනපතා ව්‍යායාම් කිරීම සඳහා පැමිණෙන අයෙකුගෙන් රු:800 ලබා ගෙන මුළු මාසය පුරාවටම යාමේ හැකියාව සලසා දී ඇත.

මීට අමතර තවත් පොදු පහසුකම් යටතේ

1.  විවේකාගාරයක්

2 . කාන්තා පිරිමි හා අබාධිතයන් සදහා වැසිකිලි පද්ධතියක්

3.  ඉදගැනීම සදහා බැංකු  නිර්මාණය කර තිබේ.

4. විධිමත් ලෙස පවත්වා ගෙන යන ආරක්ෂක ඒකකයක් ඇත.

. පාසල් ළමුන්ට අධයාපනයට වැදගත් වන ඉතා අලංකාර ඔසු උයනක් නිර්මාණය කර ඇත එම ඔසු උයන භාරව කටයුතු කරන්නේ සුසිල් ප්‍රනාන්දු මහතා වන අතර  සදුදා ,බදාදා,සිකුරාදා යන  දිනයන් වලය  එම ස්ථානයේ හමුවිය හැක.

6. ළමා උයනක් හා පුස්තකාලයක් සමග රුක්මනි දේවි කෞතාගාරයක්ද එහි ඇත.

අප විසින් කල නිරීක්ෂණයේදි ප්‍රතිසංස්කරණය විය යුතු ස්ථාන අපට හමුවන ලදි.ඒ සදහා අප මෙය යෝජනා කරමු.

1   කුණු කසල බදුන් නොමැතිකම නිසා උද්‍යානයේ පිටිපස කුණු කසල ගොඩගසා ඇති ආකාරය දක්නට ලැබිනි.  උද්‍යානය කසල බදුන් යොදා නිසි ආකාරව කුණු බැහැර කල යුතු බව යෝජනා කරමු

2   උද්‍යානය පිටිපස ඇති මඩ වගුර නිසි ලෙස පවිත්‍ර කර අලංකාර පොකුණක් ලෙස සෑදිය හැකිය.

3   ව්‍යායාම මංතීරු වලට ගස්වල ඇති දිරාගිය අතු වැටීම නිසා මිනිස්සුන්ට අනතුරුදායක බැවින් එය විධිමත් ලෙස නඩත්තු කිරීම් කල යුතුය.
4  මෙම උද්‍යානයේ මල් සහ විසිතුරු ශාක දක්නට නොමැති නිසා ඒවා අලුතින් බිහිකළ යුතුය.
5  උද්‍යානයේ ඇති ගස්  වල පාරසරික  වැදගත්කම රැකෙන සේ ඒවා නඩත්තු කිරීම

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඇති අංග :-

1.  සවාරි බෝට්ටු දමා තවත් අලංකාර කිරීම අරමුණ වේ.

2. ඔසු උයනේ ඇති හරිතාගාරයට ඉතා දුර්ලබ ඔසු දමා ජනතාවට නැරඹීමට සුදානම් කිරීම අරමුණ වේ.

3. අයිස්ක්‍රීම් අවන්හලක් යෙදීමට අරමුණු කර ඇත.

නගර සභාවක මූලික වගකීමක් වන සමාජ සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීමේදි බදු ගෙවන නගර වැසියන්ගේ සංස්කෘතික නිදහස වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් වේ.රාජපක්ෂ මුදලිදු තුමා තමා ගත කල සංස්කෘතික නිදහස මීපුර වැසියන්ටද ලැබීමට අරමුණු කර  රාජපක්ෂ උද්‍යානය  පුජාකරනුයේ නොමිලේ මෙම නිදහස අත්විදීමටය.

රාජපක්ෂ උද්‍යානයට අමතරව තවත් සුවිශේෂි ස්ථාන මීපුර වැසියන්ට දායාද වී ඇත.ස්භාවික මුහුදු වෙරල ,වෙරළ උද්‍යානය, කලපුව කඩොලාන පරිසරය වැනි ස්භාවික ස්ථාන  හිමිව තිබේ.නමුත් කණගාටුවට කරුණ වන්නේ අදවන විට මේ සියලු ස්ථාන ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලික ස්ථාන බවට පත්ව තිබීමය. මුදලිදු තුමා ලබා දුන් ඔප්පුවේ පොරොන්දුව පරිදි  ප්‍රධාන ඉල්ලීමක් වූ මුදල් අය නොකර පරිහරණයට ලබාදීම යන අහිංසක බලාපොරොත්තුව වලට පයින් ගසමින් නගර සභාව විසින් මෙයිනුත් හම්බ කිරීමට නියමිතය.මෙහිදි එක අයකුගෙන් රු 50 මුදලක්ද ( වැඩිහිටි ) හා ළමුන්ගේන් රු.20 මුදලක් අය කිරීමට කටයුතු කරයි. උද්‍යානය විවෘත කර අද වෙන්තුරු උද්‍යානයට පැමිනි බහුතරය මුස්ලිම් ප්‍රජාව බව වාර්ථා වේ.උදාහරණයක් වශයෙන් මුස්ලිම් පවුලක් සමාජිකයින් 5 කට වැඩි පිරිසක් වෙයි. ඔවුන් සියලු දෙනා මෙයට ඇතුලුවීමට අවම වශයෙන් රු 200 වැඩි මුදලක් ගෙවිය යුතුය.පවුලක පිරිස අඩු වැඩි විය හැක නමුත්  මෙම නිදහස නොමිලේ ලබා ගැනීමට අයිතියක් මීපුර වැසියාට හිමිව තිබේ.

උද්‍යාන පරිපාලනය, ආරක්ෂාව, ප්‍රතිසංස්කරණ තිබිය හැකිය නමුත් ඒ වෙනුවෙන් මෙපමණ මුදලක් අය විය යුතුද? කොළඹ තිබෙන විහාරමහදේවී උද්‍යානය මෙයට වඩා විශාලත්වයකින් හා අලංකාර උද්‍යානයක් බව ඔබ දනී.  එයට හෝ ඇතුලුවීමට කිසිදු මුදලක් අය නොකරයි.  ඒ සියලු දේ යැපෙන්නේ මහජනතාවගේ බදු වලනි.මීගමු වැසියාද නගර සභාවට බදු මුදල් ලබා දේ.  එම නිසා  මේ නිදහස නොමිලේ ලබා ගැනීමට ඔබටත් මටත් අයිතියක් ඇත.