මෙම පහරදිම සිදුකළ බීමතින් සිටි බවත් ,කාන්තාවන්ට ඉතා අශෝභන ආකාරයට බැනවැදී පහරදුන් බවත් ගම්වාසීන් චෝදනා කර සිටියේය.
මේ වනවිටත් මෙම ගම්මානයට ගල් පහරවල් එල්ල කරන බවත් ඔවුන් පවසයි.
මීගමුව පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් 08 වනදා රාත්‍රියේ සිදුකළ පහරදීම සමබන්ධයෙන් මේ වනතෙක් ඉහළ නිලධාරීන් කිසිඳු පියවරක් ගෙන නොමැති අතර පහරකෑමට ලක්වූ ජනතාව ද මේ වනතෙක් මෙම පහරදීමට එරෙහිව කිසිඳු නීතිමය පියවරක්ද ගෙන නොමැත.
ශාන්ත සෙබස්තියන් ධීවර ගම්මානයේ ජනතාව වසර කීපයක් පුරා සිය ගම්මානය ඇතුළත ජිවත්වන පවුල් දෙකක් විසින් සිදුකරන මත්ද්‍රව්‍ය ඡාවාරම් සහ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැනුවත් කරමින් සිටින අතර මීට මාසයකට පමණ පෙර මීගමුව පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලදී. ඉන්පසුව මීගමුව පොලීසිය විසින් මෙම මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
https://web.facebook.com/meepuranews/videos/842834470677153