වැල්ලවීදියේ ”ඇරෝමා” හොර අරක්කු අවන්හලට එරෙහිව පල්ලිය පාරට බසියි !

0
106

ඇරෝමාමීගමුවේ වැල්ලිවිදිය හා කුඩාපාඩුව අතර පිහිටා ඇති ඇරෝමා නම් වු නීති විරෝධි ලෙස මත්පැන් අලෙවි කරන හෝටලයට එරෙහිව වැල්ලිවිදිය පල්ලියේ ටෙරන්ස් බෝධියාබදු පියතුමාගේ මුලිකත්වයෙන් අද රාත්‍රියේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
රාත්‍රි 7 පමණ ආරම්භ වු මෙම විරෝධතාවය පැයක පමණ කාලයක් පැවැත්වුණ අතර එහි පැමිණි මීගමුව පොලිසියේ නිළධාරින් පියතුමාට සහ එහි වු විරෝධතාකරුවන්ට පොරොන්දු වි  තිබුනේ ලබන සදුදා වන විට පැහැදිලි උසාවි නියෝගයක්ද සමගින් මේ නීති විරෝධි ලෙසින් මත්පැන් අලෙවිකරනු ලබන මෙම අවන්හල ස්ථිර වශයෙන්ම නවතා දමන්නට කටයුතු කරන බවය.
ඇමති ලංසාගේ පියාවන පිලෙන්ද්‍රන් ලංසාගේ ප්‍රබල ගෝලයෙකු වන මංජු නැමැත්තෙකු විසින් මෙම අවන්හල පවත්වාගෙන  යනු ලබන්නේ මත්පැන් අලෙවි කිරිම සදහා කිසිදු නිත්‍යාණුකුල අවසරයකින්ද තොරවය.එපමණක් නොව අලුයම 3 පමණ දක්වා ඇතැම් දිනයන්හිදි මෙහි ජයටම මේ ජවාරම සිදුකරනු ලබන බවටද ප්‍රදේශවාසින් චෝදනා කරති.
පසුගිය දින කිපය තුල අවස්ථා දෙකකදි පොලිසිය විසින් මෙම අවන්හලට පැන අත්අඩංගුවට ගැනිම් සිදුකර තිබුණද ඔහුට ඇති දේශපාලන හයිය නිසාදෝ අවන්හලේ ජාවාරම නවතාලන්නට ඔහු සුදානම් නැත.
සංවාරක කලාපය තුල නිතර සැරිසරන ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුද ලංසා පවුලේ අයත් සමගින් මේ කලාපයේ නිතර සැරිසරන බව මීගමුවේ කාටත් නොරහසකි.