වැල්ලවීදියේ තරුණියකට දිවිඅහිමිකළ හෝටල්කරුවා අත්අඩංගුවට ?

0
74

මීගමුව වැල්ලවිදියේ තරුණ දියණියක් පසුගියදා මිය ගොස් තිබුනේ සිය නිවසේ ගරාජය තුල ගෙලවැලලාගෙනය.
ඇය වැල්ලවිදිය විජේරත්නම් විදුහලේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබ තිබුණ ක්‍රිඩාවට පවා දස්කම් දක්වා තිබුණ තරුණියකි.
ඇගේ මරණයට හේතුව වෙනින් කව්රුත් නොව වැල්ලවිදියේ හෝටල්හිමියෙකු බව ඇය විසින් මරණයට පෙර ලියා ඇතැයි සැලකෙන ලිපියක සදහන්ව තිබියදි එය පශ්වාත් මරණ පරික්ෂණය අවස්ථාවේදි සොයා ගෙන තිබුණි.එහෙත් මේ අවාසනාවන්ත මරණය සිදුව සතියක් ගොස් තිබුණද මේ පිළිබද විමර්ශන ඉතාමත් මන්දගාමිවිය.
හෝටල්කරු ඊයේ දිනය තෙක් සිටියේ නිදැල්ලේය.
කෙසේ වෙතත් දැන් ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.
මිය ගිය තරුණිය චෝදනා කර සිටින්නේ ඇයව වයස අවුරුදු 14 දි අදාල හෝටල්හිමියා විසින් අපයෝජනය කළ බවය.
ඉන් පසු ඒ ඡායාරූප ප්‍රසිද්ධ කරන බව කියමින් දිගටම ඇයව ලිංගිකව අපයෝජනයකට ලක් කර ඇතැයිද ඒ ලිපිය සදහන් විය
මේ පුවතට ආලව ගොසිප් වෙබ්කාරයන් දැන් තමන්ට හිට්ස් වැඩිකරගැනිම සදහා අමන ක්‍රියාවන්හි නිරතව ඇති අයුරු පෙනේ.
කළයුතුව ඇත්තේ මේ මරණයට අදාලව මිය ගිය තරුණ දියණිය වෙත යුක්තිය ඉටුකිරිම සදහා සමස්ථ සමාජයම පෙළගස්වන තැනට කටයුතු සැලසුම් කිරිමටය.
දමිළ තරුණියක වු මිය ගිය ඒ දි්‍යණිය වෙනුවෙන් වැල්ලිවිදියේ දමිල මහජන නියෝජිතයන් දැන් ඔවුන්ගේ වගකිම සැබැවින්ම ඉටුකිරිම සදහා පෙරට පැමිනිය යුතුව ඇත.
පල්ලියටද නිහඩව සිටිමට කිසිදු ඉඩක් නැත්තේමය.
මිට වසර ගණනකට ඉහතදි වැල්ලවිදියේ පාසැල් දි්‍යණියක් ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදි ඒ මරණයට සැකසහිත චුදිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ගරු පියතුමන්ලාද ඇතුළු සමස්ථ සාමාජය පාරට බැස්ස හැටි අපට හොද හැටි මතකය.
එහෙත් මේ දමිළ දියණියගේ මරණය හමුවේ මේ බහුතරයක් දෙනා තවමත් නිහඩය
තමන්ට අහිමිකළ ඒ නැගණිය වෙනුවෙන් ඇයගේ සොහොයුරා දැන් ඉදිරියට පැමිණ තිබේ. යුක්තිය අගයන හෘද සාක්ෂියක් සහිත මිගමුවේ ගැහැණුන් හා මිනිසුන් හට දැන් කළ යුතුව ඇත්තේ මේ පවුලේ අයව තනි නොකරමින් තරුණ දියණියකට දිවි අහිමිකරගන්නා තැනට කටයුතු කළැයි චෝදනා ලැබ තිබෙන මේ අමන හෝටල්කරුවාට නිසි දඩුවම් දිමට ඒකාවන්ව පෙළගැසිමටය