වැල්ලවීදියේ තරුණියකට දිවි අහිමිකළ හෝටල්කරුවා බන්ධනාගාරයට…

0
232
178107228

වැල්ලවිදියේ හෝටල්හිමියෙකු නිසා තරුණියක් ගෙලවැල ලාගෙන මිය ගිය ආවාසනාවන්ත පුවත අපට දැනගන්නට ලැබුනේ දැන් දවස් කිපයකට ඉහතදිය.
ඇගේ මරණයට හේතුව සිය දිව හානිකරගැනිමක් යැයි කියා කාටත් අතහෝදා ගන්නට තිබුණ ඉඩකඩ කෙසේ වෙතත් අහිමිව ගොස් තිබුනේ මේ තරුණිය විසින් ලියා තිබුනේ යැයි කියන ලිපියක් පශ්චාත් මරණ පරික්ෂණයේදි ඇගේ ඇදුමක තිබි සොයා ගැනිමත් සමගින්ය.
එහි පැහැදිලිව ලියා තිබුනේ සිය මරණයට හේතුව වැල්ලවිදියේ ශ්‍රිලාල් නැමැති හෝටල්කරුවෙකු බවය.
මේ චෝදනාවට හෝටල්කරුවාව අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කිරිමට මේ තරම් පමා වි තිබුනේ ඇයිදැයි තවමත් ගැටළුවකි.
කෙසේ වෙතත් මිය තරුණියගේ සොහොයුරාද අදාල බලධාරින් හමුවේ මේ ප්‍රමාදය ගැන දැනුවත් කර ඇති බව වාර්තා වන අතර මාධ්‍ය කිපයක් විසින් මේ ගැන දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරමින් අවධාරණය කර තිබුනේ මිය ගිය ඒ තරුණ දියණියට යුක්තිය ඉටුවිය යුතු බව කියමිනි.,
කෙසේ වෙතත් ඊයේ දිනයේ වාර්තා වුයේ මේ හෝටල්කරුව මාර්තු 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here