වැල්ලවීදිය තරුණියගේ මරණය සිය දිවි හානිකරගැනිමක් යැයි කියා අතසෝදා ගත හැක්කේ කාටද ?

0
92

පසුගිය දා මවක් සිය දියණිය සිය දිවි හානිකරගැනිමට හේතුව ෆේස් බුක් එකෙන් හදුනාගෙන විවාහ ගිවිස ගෙන සිටි පොලිස් බෑණා යැයි මාධ්‍ය හමුවට පැමිණ ප්‍රසිද්ධියේ චෝදනා කර සිටියේය.

මේ පිළිබදව ඇය සිදුව පොලිසියේ දැමු පැමිණිල්ල ගැන නිසි විමර්ශණ සිදුනොවුන බව ඇගේ ඊළඟ චෝදනාව විය.

මේ චෝදනාවට හැරෙන තෑපෑලෙන් පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ ඒ තරුණියගේ මරණය සිය දිවි හානිකරගැනිමක් යැයි කියා මරණ පරික්ෂණයේදි තහවුරු වි ඇති බවය.
මිය තරුණියගේ මව කියා සිටින්නේ තම දියණියට මරු කැදවු තත්වයක් නිර්මාණය කර තිබුනේ සිය පොලිස් බෑනා විසින් බවය.

මවගේ මේ චෝදනාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ පොලිසි නිතියටවත් , අධිකරණ වෛද්‍ය නිළධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණයෙන්වත් පිළිතුරු දිය නොහැකි එකක් වුවද ඒ අම්මා කියා සිටින්නේ ඊට එහා ගැඹුරු කථාවකි.
එහෙත් පොලිසියට එවැනි කථා ඇසෙන්නේ නැත.

මේ ආකාරයෙන්ම පසුගියදා වැල්ලවිදියේදි සිය දිවි හානිකකරගත් තරුණියගේ මරණය ගැන අජිත් රෝහණ මහත්තයාලාගේ පොලිසිය කල්පනා කරනවා විය හැක්කේද එය සිය දිවි හානිකරගැනිමක් නම් වරද ඇගේ විය හැකි බව යැයි නිගමනයන්ට එළඹෙමිනි

එහෙත් මිය යන්නට පෙර ඇය විසින් ලියා ඇතැයි සැලකෙන ඒ දිර්ඝ ලිපිය තුල කියැවෙන්නේ කාමාතුරයෙකු ඉදිරියේ අසරණ වු තරුණ දියණියකගේ සෑබෑ අදෝනාවයි .
දියණියන් සිටින පොලිසියේ මහත්තුරු මේ දියණියගේ ලිපියට පොලිස් නිතියට එහා ගොස් එබි බලන්නේ නම් ඇය ඉතා පැහැදිලිව ඇගේ මරණයට වගකිව යුත්තාව නම්කර තිබෙන අයුරු නිසි ලෙසින් වටහා ගැනිමට හැකිවනු ඇත.

දැන් ගැටළුව ඇත්තේ ඇය විසින් විස්තරාත්මකව පවසා ඇති මේ චෝදනාව වෙනුවෙන් පොලිසිය කටයුතු කරන්නේ කෙසේද යන කරුණයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ පොලිස් නිතිය මෙතැනට ආදේශ කළ හොත් මෙය සිය දිවි නසා ගැනිමකි.,
එහෙත් ඇයට එසේ දිවි නසාගැනිමට හේතුව එක් පුද්ගලයෙකු යැයි ඉතා පැහැදිලිව නම්කර ඇති අතර ඇය ඒ චෝදනාව කරන්නෙ ඇයිද යන්නත් කරුණු සහිතව ලියා තිබේ

ඒ අනුව කාමාතුරයෙකු ආශාවයන් නිසි ජිවිතයේ යෞවන වයසේදිම සමුගැනිමට සිදුව ඇති දියණියකගේ මේ චෝදනාව පදනම් කරගෙන ඇය වෙනුවෙන් ඇයට සාධාරණයක් ඉටුකිරිම සදහා පෙරමුණ ගන්නේ කව්දැයි කියාය