වැල්ලවීදිය විදුහල්පති කන්‍යාසොහොයුරිය එලවීම කාගේ උවමනාවක්ද?

0
79

Photo-0003වැල්ලවිදිය සා.සෙබස්තියන් විදුහලේ විදුහල්පති කන්‍යා සොහොයුරිය අරභයා මතුව ඇති  අර්බුදය දැන් ළමා කාර්යංශය දක්වා ගොසින්ය.පාසලේ සිසුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි කියමින් ඊයේ උදේවරුවේ දරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙතද යොමු කර තිබුණි.
අප දන්නා තරමින් වැල්ලවිදිය විදුහලේ සිටින බහුතරයක් දෙනා ධීවර ප්‍රජාවගේ දරුවන්ය.අධ්‍යාපනය වෙත නිසි අවධානයක්  නැති මේ බහුතරයක් දරුවන් අධ්‍යාපනික විනයක් තුල රැදවිම අසීරු කාර්යයකි.
ඒ සදහා වෙනත් පාසැල්වලට වඩා දැඩි අරගලයක නිරත වන්නට මෙවන් පාසැල්වලදි සිදුවිම තේරුම්ගත යුතු තත්වයකි.
දරුවන් විනගත කිරිම වෙනුවෙන් පහරදිම නොකළ යුතු යැයි පාසැල් විනය පොතේද සදහන් ව තිබෙන්නට පුළුවන.
මේ සියළු යථාර්තයන් හමුවේ මේ විදුහල්පති කන්‍යාසොහොයුරිය පාසැලේ අධ්‍යාපනය කලින් ට වඩා ඉහල මට්ටමකට ඔසවා තබා ඇත. බාහිර ක්‍රියාකාරකම් සදහා දරුවන් සම්බන්ධ කිරිම අරභයාද විවිධ වැඩසටහන් ක්‍රියාත්මකය.
එහෙත් දැන් පාසැල දෙකට බෙදි ඇත්තේ විදුහල්පතියට පක්ෂව සහ විරුද්ධවය.
විරුද්ධ පාර්ශවය යනු සුළුතරයක් වන අතර ඒ පිරිස ව කිසියම් කල්ලියක් මෙහෙවන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ.
මේ අතරේ පාසැලේම ගුරුවරියන් දෙදෙනෙකුද වන බව සැලය.
මතුව ඇති තත්වය නිසි ලෙසින් කළමණාකරණය කරන්නට බුද්ධිමත් ලෙසින් අධ්‍යාපන බලධාරින් මැදිහත්විම පාසැලේ හෙට දවස වෙනුවෙන් අද කළහැකිව ඇති නිසිම අයෝජනය වනු ඇත.