වැල්ලේ තැනූ මාලිගා………

0
47

 

FB_IMG_1590902911225ගිය වියදම රුපියල් මිලියන 890ක් ලු.
ව්‍යාපෘතිය ආරම්භ වන්නේ කොරෝනා ඇඳිරිනීතිය සමයෙ.
අද තත්වය පින්තූරවලින් පේනව.
ගොඩකල මුහුද, මුහුදටම ගිහින්.
කොරෝනා නිසා ආර්ථිකය පල්ලම් බැස්ස, රජයේ සේවකයන්ගේ වැටුපත් ආණ්ඩුවට ඉල්ලුව, බොහෝ අය පුලුවන් විදියට දුන්න, එහෙම බකල ගහන ආර්ථිකයක් ඇති වෙලාවක ආරම්භ කල වැඩක් මේක.
ව්‍යාපෘතියට වෙන්වූ මුදල් වලින් කලේ කියල ගැලවෙන්න කියාවි.
ව්‍යාපෘතියට වෙන්වුවත් මේව රටේ ජනතාවගෙ මුදල්.
ඒ මුදල්වලට ආණ්ඩුව වගකියන්න ඕන, වග වෙන්න ඕන.
මෙහෙම විනාශයක් වෙන්නෙ නියම ක්‍රමවේදය අනුගමනය නොකලාම වෙන්න ඕන.
නියම ක්‍රම වේදය අනුගමනය කලා කියල කියන්න එපා, එහෙම නම් පුරවන්න ගත්ත තීරණයෙ වැරැද්දක් තියෙන්න ඕන.
ඒ කියන්නේ මේ ව්‍යාපෘතියෙ කුමක් හෝ තැනක බරපතල දෝශයක් තියෙනව කියන එක.
දැඩි තීරණ ගන්න ආපු ජනාධිපතිතුමාට,ඔහු එසේ කරන බවට අපට කියූ මිත්‍රයන්ට දැන් වැඩක් තියනව;
මේ ව්‍යාපෘතියට අදාල ටෙන්ඩර් කමිටුව,තාක්ෂණික ඇගයීම් කමිටුව, අනෙකුත් වගකිව යුතු නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් සියලුදෙනාගෙන් මේගැන විමසන්න; අතපසු වීම්, දූෂණයන් සොයා ගෙන වගකිව යුතු අය නීතිය ඉදිරියට ගේන්න.
ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න, මහජන මුදල් සමග මේ විදියට සෙල්ලම් කරන එක නවත්තන්න කටයුතු කරන්න.

( උපුල් කුමරප්පෙරුමගේ මුහුණු පොතෙන් උපුටා ගැණුනි )