වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කන් සියල්ලම අල්ලාගෙන මහජනයාට බොරුකියමින් 2011 වසරේදි ඉදිකරන්නට යෙදුන වෙරළ උද්‍යානයේ ජල උද්‍යානය මේ වන විට ඇමති ලංසාගේ පියා හට මුදල් හම්බ කරගැනිම සදහා ලබාදි අවසන්ය.
අප මේ සම්බන්ධයෙන් 2011 වසරේ පෙබරවාරි මාසයේදි අපගේ වෙබ් අඩවියේ මෙසේ පළකළෙමු .
……….මේ පසුබිම යටතේ මීගමුවේ ජනයාට යම්පමණකින් හෝ විවේකය නිදහසේ ගතකරන්නට තිබුනේ මීගමුව ඒත්තුකාලේ වෙරළ උද්‍යානයයි.එහෙත් දැන් ඒ ඉඩද අහිමි වන තැනට කටයුතු සැලසි ඇත.
ඒ මෙහි දැනට සිදුකරමින් තිබෙන ඉදිකිරිම් හේතුකොටගෙනය.අයෙකු පවසන්නේ එහි මුරකුටියක්ද සහිතව ගොඩනැගිල්ලක් ඉදිකරන බවය.එහෙත් මේ සම්බන්ධයෙන් අද ප්‍රසිද්ධව ඇති පුවත වි ඇත්තේ වෙරළ උද්‍යානය හාරා එහි පිහිනුම් තාටකයක් ඉදිකරමින් ඇති බවය.මේ සම්බන්ධයනේ අප කළ විමසුමකට පිළිතුරු දුන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමුව කාර්යාලයේ නිළධාරියෙකු පවසා සිටියේ තමන් අවසර ලබාදි ඇත්තේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමට බවය.පිහිනුම් තටාකයක් සදහා කිසිදු අවසරක් ලබා දි නැතිබවද අවධාරණය කර සිටි.වෙරළ උද්‍යානයේ ටෙන්ඩරයේ හිමිකරුවිමේ වාසනාව වසර ගණනාවක සිට හිමිකරගෙන ඇත්තේ මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ පියෙකි……
අප එදා කියු පරිදි සියල්ල දැන් සනාථ වි ඇත.
පළාත් සභා සංචාරක කර්මාන්ත වැය ශිර්ෂය යටතේ ඉදිකෙරුන මෙම පිහිනුම් තටාකය දැන් මීගමුව සංචාරක කලාපයේ ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ අයෙකුගේ නමට ගත් ටෙන්ඩරයක් මගින් එහි සැබෑ භුක්තිය නිමල් ලංසාගේ පියා වෙත පවරා දි ඇත.
මේ සියල්ල ඔහු පලාත් සභා ඇමතිවරයෙකුව සිටියදි මීගමුවේ ජනයාගේ ඇසට වැලි ගසා සිදුකරන ලද මංකොල්ලයන්ය.
ජාතික ආණ්ඩුවක් යටතේ එවන් අයෙක් වෙත කැබිනට් ඇමතිධුරයක් ලැබුනොත් කුමක් සිදුවිය හැකිදැයි සිතාගන්නට අප මීගමුවේ ඡන්ද දායකයා වෙත භාර දෙමු.