වැල්ල සහ පාරවල් බදු දීමට පල්ලියකට කොහෙන්ද බලයක්..??

0
87
රු ලක්ෂ 400 ක වියදමින් ඉදිකරන ලද මාළු වෙළඳ පොළ

 

රු ලක්ෂ 400 ක වියදමින් ඉදිකරන ලද මාළු වෙළඳ පොළ
රු ලක්ෂ 400 ක වියදමින් ඉදිකරන ලද මාළු වෙළඳ පොළ

බිස්නස් සහ කොන්ත්‍රාත් කටයුතු සම්බන්ධයෙන් ලංකාවේ වැඩිම කථා බහට ලක්වු කතෝලික පල්ලිය වන්නේ මීගමුව වැල්ලවීදිය සා.සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව්මැදුරයි.
ඊට හේතුව වන්නේ අප දැනට දන්නා තරමින් වැල්ල පමණක් නොව පාරක් ද රථ ගාලක් ලෙසින් පවත්වාගෙන යෑමට මේ දේවස්ථානයේ මීසම් කමිටුව කටයුතු කර ඇති නිසාය.
මේ සදහා අයිතියක් ඇතැයි ඔවුහු තර්ක කරති.
සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිය විසින් මීගමුව මහනගර සභාවට ලබාදුන් රු ලක්ෂ 400 ක අයෝජනයෙන් ඉදිකෙරුන මාළු වෙළද සැලට දැන් අයිතිවාසිකම් කියන්නේ පල්ලියයි. මේ අනුව මේ වෙළදපොල ටෙන්ඩර් කර මසකට ලබන අදායම රු ලක්ෂ එකහමාරක් පමණ වෙතැයි වාර්ථා වේ.
එමෙන්ම ලෙල්ලමට මාළු ගෙනඒමට පැමිණෙන ලොරි රථ වලින් මුදල් අයකිරිම සදහාද වෙනමම ටෙන්ඩරයක් දි ඇත.
ඉන් මාසිකව ලබන අදායම රු 80000 කට අාසන්නය.
මීට අමතරව මීගමුව මාළු වෙළද පොල ඉදිරිපිට ඇති පාර රථ ගාලක් බවට පත්කරගෙන ඉන්ද ආදයම් ලබන අතර ඒ ටෙන්ඩරය මාසිකව  මිළ කර ුඇත්තේ රු 35000කටය.
මේ ටෙන්ඩර තුනේම ටෙන්ඩර් හිමිකරුවා වන්නේ එක් පුද්ගලයෙකි.
මේ සියළු ගණුදෙනු වලින් මසකට පල්ලියට හිමිවන මුදල ලක්ෂ දෙකාමාරකට ආසන්න බව වාර්ථා වේ.
මෙවන් අදායමක් ලබන්නට නම් පල්ලියට මේ දේපල අරභයා නිතිමය අයිතියක් තිබිය යුතුය.
එහෙත් අප දන්නා තරමින් එවන් කිසිදු නිතිමය අයිතියක් පිලිබදව පිළිගත හැකි සාක්ෂියක් නැත.
.ඒ වෙනුවට ඇත්තේ දේශපාලකයෙකු විසින් තමන්ගේ කැමැත්තට පල්ලියට මේවා පැවරිම පිළිබදව කථාවක් පමණි.
එජාපය කියන්නේ එසේ මේ වැල්ල පවරා ඇත්තේ ඔවුන්ගේ දේශපාලකයෙකු විසින් බවය.
එහෙත් අද වඩාත් ප්‍රකට කරුණ වි ඇත්තේ බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා විසින් මෙය පල්ලිය යටතට පවරා ඇති බවය.
ලංකාව තුල ක්‍රියාත්මක පළාත් පාලන නිතිය යටතේ වෙළඳ පොලක් පැවැත්විමට අවසරය ඇත්තේ පළාත් පාලන අායතනයක් වෙත පමණි. එහෙත් මීගමුවේදි මේ නිතිය වලංගු නැත.
එමෙන්ම රාජ්‍ය අයෝජනයක් සිදුකරන්නේ නම් එහි අය සහ වැය රාජ්‍ය විගණනයට යටත් විය යුතුමය. එය මෙරට ව්‍යස්ථාවනේම සදහන් කර ඇති නීතියකි.
එහෙත් එයද මීගමුවට වලංගු නැත.
හේතුව ලක්ෂ 400 ක රාජ්‍ය ආයෝජනයෙන් මසකට රු 250000 ක අදායමක් ලබන්නේ වැල්ලවිදිය දේවස්ථානයයි.
එහි ආදයම් රාජ්‍ය විගණනයට යටත් නැත.
මේ අනුව බලන මීගමුවේ ඇතැම් වැඩසටහන් පළාත් පාලන නිතියට පටහැනිව ක්‍රියාත්මකය. මේ නිසාම මේ පිලිබදව පැහැදිලි කර ගැනිම සදහා විපක්ෂය විසින්  පසුගිය මහසභාවට ගෙන ආ යෝජනාව කඩාකප්පල් කිරිමට දැවැන්ත මෙහෙයුමක් ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලකයෙක් විසින් ක්‍රියාත්මක කළේය.විපක්ෂයේ ඇතැමුන්ද මෙහි ඉත්තන් කරගැනිමට මේ මෙහෙයුමට හැකි විය.
කෙසේ වෙතත් මීගමුවේ  මේ සියළු වැඩසටහන් රටේ පවතින නිතිය තුලට ගෙන ආ යුතුව ඇත.මන්ද මීගමුව නගරය පාලනය විය යුත්තේ පළාත් පාලන ආයතනයකින් මිස පවුලකින් නොවන නිසාය.