‘වැලිකඩ ඝාතන නඩුවේ’ රංගජීව, ‘මව්බිම’ ඡායාරූප ශිල්පියාව ඇඳගෙන යයි !

0
183
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing buttonRangajiwa 2020.07.10
වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, අද දින පෙරවරුවේ ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනය කරමින්, ඔහුව ඇදගෙන ගොස් පොලිස්

මුරපොළ වෙත බාර දීමේ සිද්ධියක් වාර්තාවේ.

කොළඹ අංක 01 මහාධිකරණ පරිශ්‍රය තුළදී ඔහු එසේ කටයුතු කර ඇත්තේ, අදාල මාධ්‍යවේදියා ඔහුගේ ඡායාරූපයක් ගැනීමට සුදානම් වූ අවස්ථාවේ දිය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ‘මව්බිම’ පුවත්පතේ ඡායාරූප ශිල්පි අඛිල ජයවර්ධන පැවසුයේ, තමන් මාධ්‍යවේදියකු බව පවසමින් තම අනන්‍යතාවය පෙන්වා දුන්න ද නියෝමාල් රංගජීව තමාව ඇදගෙන ගොස් පොලිස් මුරපොලට බාරදුන් බවයි. එහිදී තමන්ගේ කැමරාවේ ජායාරුප ‘චිපයන්’ දෙක පොලිස් නිලධාරීන් විසින් ඉවත්කර ගත බවද ඔහු කියා සිටියේය.

අද පස්වරුවේ විභාගවිමට නියමිත වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් රංගජීව පෙනී සිටීමට  නියමිතය.
theleader.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here