වැලිපොල ,වෙන්නප්පුව දෙමටපිටියට තර්ජනයක් ?

0
204
 වැලිපොල 7

 

වෙන්නප්පුව  ලුනුවිල     දෙමටපිටිය ගම්මානය පාරිසරික සම්පත්වලින් බහුල වූ ගමකි.
එක් කොනකින් ගිං ඔයද හැමිලටන්  ඇල හා මහා කුඹුරු යායක් දිවෙයි.වසර ගණනාවක සිට පැවත් එන පස් සෝදා වැලි ගැනීමේ කර්මාන්තශාලා නිසා ගමේහි ජිවත් වන මිනිසුන් මෙන්ම ඒ පරිසරය හා බැදුනු සත්ව ජීවීන්ද මහත් තර්ජනයකට ලක් වී ඇත.
ධනවත් ව්‍යාපාරිකයන්ගේ පටු වුවමනා නිසා පරිසරයද විනාශ කරමින් කරගෙන යන්නාවු මෙම කර්මාන්තශාලා වල ව්‍යාප්තිය දිනෙන් දින ඉහල යයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් විටින් විට බළධාරින් දැනුවත් කල අතර නමුත් මෙයට නිශ්චිත පිලිතුරක් මේ වනතෙක් ලැබී නැත.
දෙමටපිටිය ධම්මිකගම ගොවිජන සමිතිය මගින්ද පසුගිය වසරේ නොවැම්බර් මස 19 දින අතිගරු ජනාධිපතිතුමා වෙතද ලිපියක් මගින් දැනුවත් කර ඇත. පස් සෝදා ඉවත යන රොන් මඩ අවට දිය උල්පත් වලට එකතු වීම හා එමගින් වගුරු බිම් ගොඩ කිරිම මගින් ගැටලු රැසක් පැණ නැගේ.
පසුගිය දිනවල අවට නිවෙස් කිහිපයකම බීමට ගන්නා ජලය බිලිබඳ ගැටලුවක් මතුවිය.
තවද වගුරු බිම් ගොඩ කිරීම මගින් ගං වතුර අවස්ථාවකදී  ජලය බැස යාමට ක්‍රමයක් නැතිවීම , ඒ අවට ජීවීන් තර්ජනයකට ලක්විම මෙන්ම අවට වෙල යායට රොන්මඩ  සහිත ජලය එකතුවීමද සිදුවේ. වෙන්නප්පුව දෙමටපිටිය මාර්ගය ටොන් 10 කට වඩා බරක් ගමන් කිරීම තහනම්ය නමුත් දිනකට 100කට වඩා වාරයක් ටොන් 15-20 ලොරි රථ ප්‍රවාහනයේ යෙදවීම.

                   මෙම වැලිපොලවල් වෙන්නප්පුව හා කොච්චිකඩේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබයි. මෙවැනි කර්මාන්ත ජනාවාසයෙන් තොර ස්ථාන වෙත රැගෙන යා යුතුය ඒ අතර නව තාක්ෂනය ඔස්සේ මේවායින් වන හානිය අවම කරගත හැකි ක්‍රමද පවතී.නමුත් මේ සඳහා අවසරද රාජ්‍ය  පරිපාලනයේන් ලැබී ඇත.
       ප්‍රදේශයේ ගොවි සංවිධාන හා තරුණ සංවිධාන මගින් ආදාල ආයතන දැනුවත් කර ඇති අතර මෑතකදී ඔවුන්ගේද නිරීක්ෂණ වලට ලක්ව ඇත.ඉන්පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන අපද බලාසිටින්නෙමු.
ඡායා සහ සටහන -ඩිල්ෂාන් තිසේරා