වැලිහේන පාසැලේ විදුහල්පතිට දේශපාලකයෙකුගෙන් තර්ජන

0
261

දුප්පත් දරුවන් සිටින කුඩා පාසැල් ගැන කිසිදු අවධානයක් යොමුනොකළ ප්‍රාදේශිය දේශපාලකයන්ට මේ දිනවල පාසැල් සිසුන් ගැන ඇත්තේ දැවැන්ත ආදරයකි.

ඒ් ආණ්ඩුවේ ගරුත්වය රැකගැනිම සදහා කෙසේ හෝ ඔක් 21 වෙනිදා පාසැල් විවෘත කරගැනිමටය.
ගුරු විදුහල්පති ඒ්කාබද්ධ වෘත්තිය සමිතිය විසින් රජයට උවමනාව ඇති දිනයට පාසැල් විවෘත කිරිමට කටයුතු නොකරන බව දැනටමත් ප්‍රකාශ කොට තිබේ.

ඒ් අනුව ඔක් 21 සහ 22 යන දිනවලදිද ඔවුන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ දිගටම නියැලි සිටිති.

මේ අතර වැලිහේනේ අන්ත දුප්පත් දරුවන් සිටින වැලිහේන කතෝලික දමිළ පාසැලේ විදුහල්පතිවරයා මිට සුළු මොහොතකට පෙර දුරකථනයෙන් කථා කර තිබුන ප්‍රාදේශීය දේශපාලකයෙකු තර්ජනය කර තිබුනේ පාසැල් ඔක් 21 විවෘත කළ යුතු බව කියමිනි.

ඒසේ නොවුන හොත් 25 වෙනිදා පාසැලට පැමිණෙන විට විදුහල්පතිකමත් නැතිවි තිබෙන්නට පුලුවන් යැයි ආදාල චණ්ඩි දේශපාලකයා විසින් කියා තිබුණි.
මේ පාසැල වැටි තිබුන තත්වයෙන් ගොඩනැගිමට කිසිදු දේශාපාලකයෙකු මැදිහත් නොවුන පසුබිමක පාසැලේ විදුහල්පතිවරයාගේ මැදිහත්විම මත පාසැල දියුණු කිරිමට විශාල වැඩකොටසක් කර තිබුන අතර ඔහු විදුහල්පති ශ්‍රේණියේ ඉහලම සුදුසුකම් සහිත ( පළමු ශ්‍රේණියේ )අයෙකුද වෙයි.