මේ පාසැලේ සිටින දරුදැරියන් බහුතරයකට මාපියන්ද අහිමිය.
එහෙත් ඒ අයට නොඅඩුව මේ ගුරු භවතුන්ගේ ආදරය සෙනෙහස ලැබෙමින් තිබේ.
එබැවින් එවන් ගුරු මව්වරුන් පියවරුන් සිටින පාසැලක ගුර දිනය යනු එහි සෑබෑ අරුත හා බැදි පවතින එකක් මිස ඒ දිනය වෙනුවෙන් වෙනත් බොහෝ දැන් වල ඇති දිනයන් සැමරුමක්ම නොවේ. මෙම උත්සවය පාසලේ විදුහල්පති එම්.ඉෂෙඩ් සාජහාන් මහතා සහ ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.