වැලිහේන රෝමානු කතෝලික පාසැලේ සිසුන්ගේ පවුල් සඳහා වියළි ආහාර පරිත්‍යාගයක් !

0
382

5

( 1.00 pm ) රටේ පවතින වාතාවරණය යටතේ  පීඩාවට පත්ව සිටින මීගමුව වැලිහේන රෝමානු කතෝලික පාසැලේ  ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල්වලට බ්‍රහස්පතින්දා (16) වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

පාසල් විදුහල්පති එම් .ඉසෙඩ් සහජාන් කොළඹ විදුලි වෙළෙඳුන්ගේ සංගමයෙන් කරන්නට යෙදුන ඉල්ලිමක් මත මෙම ආධාර ලබාදිමට එම සගංමය කටයුතු කර තිබුණි..

එම සංවිධානයේ සභාපති සුදත් ධම්මික සමරමවික්‍රම මහතා විසින් පාසල් ළමුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂයක වියළි සලාකයක් ලබාදිමට මෙසේ පියවර ගත්තේය.

මෙම ආධාර ලැබු එක් පිරිසක් කුඩා ලැලි නිවසක් තුල ජිවත් වන අතර එහි සිටින මුලු සමාජිකයන් ගණන 19 දෙනෙකු විය.
මේ අනුව මේ ආධාර සැබැවින්ම ලැබි ඇත්තේ එවන් ඉතාමත් දුප්පත් අයවලුන්ට හට වන අතර මේ ප්‍රදේශයේ ඇස ගැටෙන මානයේම දේශපාලනඥයන්ද සිටිය මෙවන් අසරණම පවුල් වෙත තවමත් ඒ අයගේ ඇස් හැරි නැති බවද පෙනේ. .
මේ ආධාර ලැබුවන් බහුතරයක් දෙනා එදිනෙදා කුලි වැඩ කරමින් ඉතාමත් දුකසේ ජිවත් වුවන් වන අතර එවන් පවුල් වෙත ආධාර ලැබිම සැබැවින්ම සමාජයේ ප්‍රමුඛතාවක් විය යුතුය තිබේ.
එහෙත් ඔවුන්ගේ අසරණ කමත් පිටතින් පැමිණ ඇති අයවලුන් විමත් හේතුවෙන් බොහෝ ආධාර බෙදන්නට ඇස ගැටෙන්නේ නැත.

ඡායාරූප- එම්.ඉෂෙඩ්.සාජහාන්