වැලි කපපු වලකට තවත් තරුණයෙකු බිලි වෙයි?

0
173

ඊයේ (22) මීගමුව  කම්මෝල්මෝයේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකුගෙන් එක් තරුණයෙකු දියේ ගිලී ඇති බව වාර්තා වූ අතර එම තරුණයාගේ සිරුර මධ්‍යම රාත්‍රිය වනතෙක්ම සොයා ගැනීමට නොහැකි විය.  වාර්තා වූ පරිදි 20 හැවිරිදි අබ්දුල් සරීඩ් මුදීන් අහමඩ් නමැති මෙම තරුණයා  දිය නෑමට පටන් ගෙන ඇත්තේ සවස 4.45ට පමණ වන අතර දියේ ගිලී ඇත්තේ 5.15ට පමණය. මොහුගේ සිරුර ඒ ආසන්නයේදීම නාවුක හමුදාව විසින් අද පාන්දර 6.30ට පමණ සොයා ගත් බව මීගමු පොලිස් අාරංචි මාර්ග වලින් වාර්තා විය.  වාර්තා වන තොරතුරු අනුව මෙම තරුණයාට පිහිනීමේ හැකියාවක් ද තිබී ඇත. එමෙන්ම පැය භාගයකට ආසන්න කාලයක් මොවුන් දිය නෑමේ යෙදී ඇති අතර ඒ අතරදී ඔහු අතුරුදහන්වීමට ආසන්න‍ම හේතුව විය හැක්කේ වැලි කැපූ වලකට එරීම බවට ඒ අවට ප්‍රදේශවාසීන් අදහස් පළ කරති. ඔහුගේ අවමංගල්‍ය කටයුතු අද සවස සිදුකිරීමට නියමිතව ඇත.
මීට පෙරද මෙම ස්ථානයෙන් දිය නෑමට ගිය විශාල සංඛ්‍යාවකගේ ජීවිත අනතුරට පත්වූ අතර එම ප්‍රවෘත්ති මීපුර වෙබ් අඩවිය විසින්ද වාර්තා කළේය. ප්‍රදේශවාසීන් පවසන්නේ වර්ෂයේ සමහර කාලවලට සිදුවන මහා පරිමාණයෙන්  වැලි හෑරීම හේතුවෙන් මෙවැනි මරණ සිදුවන බවයි. මේ වනවිට දියනෑමට පැමිණ විශාල සංඛයාවකගේ ජීවිත මෙම ස්ථානයේදී අනතුරට පත්වී ඔවුන් මියගිය අතර මෙම අනතුර වැලැක්වීම සඳහා කිසිදු බලධාරියෙකු මේ වනතරු පියවරක් ගෙන නොමැත. අවම වශයෙන් ඉතා ඉක්මණින් ගතහැකි පියවරක්  ලෙස අනතුරු සහිත මෝය කට ප්‍රදේශයේ ඒ බව දන්වා පුවරුවක් හෝ ප්‍රදර්ශනය කළ යුතුය. මීගමුව පොලීසියේ මෙන්ම අනෙකුත් බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වුවහොත් තවත් වටිනා ජීවිත  නැවතත් මෙම රැදුරු මෝය කටට බිලිවීමට ඉඩ නොදී වල්කවා ගතහැකි වනු ඇත.

සබැදි පවුත්

කම්මල් මෝයේ දි දරුවෙක් වැලිවලක වැටි අතුරුදහන් ??

 

කම්මල්මෝයට තවත් ජීවිතයක් බිලි වෙයි?