වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව උඩංගාවේ ජනතා පිබිදීමක්

0
112

පසුගියදා වතුර පිරී තිබූ වැලි හාරන වලකට වැටී තෝප්පුව රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ  පාසල්  08 වෙනි වසරේ  ශිෂ්‍යයන් දෙ‍දෙනෙකු මියගිය සිද්ධිය නිමිතිකරගෙන එම ප්‍රෙද්ශයේ ජනතාව අද  විරෝධතාවයක් පවත්වන ලදී. මෙම විරෝධතාකරුවන්  අද පෙරවරු 7.00ට පමණ පෙළපාලියකින්  උඩංගාව ප්‍රෙද්ශයේ සිට  කොළඹ- හලාවත ප්‍රධාන මාර්ගය දෙසට පැමිණෙන උද්ඝෝෂණයේ නිරත වෙමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ඝාතන වලට වගකිවයුතු මැටි වලවල් හාරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීත්‍යාකූල පියවර ගන්නා ලෙසයි.
පසුගියදා දියේ ගිලී මියගිය දරුවන් දෙදෙනා වැටී තිබුණ වල  අක්කර 10කින් සමන්විත ඉඩමක් වන අතර මැටි හාරා අත්හැර දමා ඇති ඉඩමකි.
මෙම ඉඩමේ මැටි හෑරීම 2004 දී ආරම්භ කර ඇති අතර 2015 වනතෙක්ම මැටි හෑරීම සිදුකර තිබේ. පසුගිය රජය සමයේදී මැටි හෑරීම සිදුකර ඇති අතර නීත්‍යානුකූලව මෙම වලවල් වසා දැමීම සිදුකර නොතිබීම නිසා මෙසේ වතුර එක්රැස්වී ජලාශයක් බවට මෙම ඉඩම පත්වී තිබේ. මීට පෙරද මෙම වලකට පැන පුද්ගලයෙකු සියදිවි නසාගත් සිදුවීමක්ද වාර්තා විය.
එම ප්‍රෙද්ශයේ ජනතාව අද උද්ඝෝෂනය කරමින් රජයෙන් ඉල්ලා සිටියේ මෙම මැටි හැරීමට සම්බන්ධ පුද්ගලයන් විසින් සිදුකරන නීති විරෝධී පරිසර විනාශයත් ජීවිත හානියත් වැලැක්වීමට පියවර ගන්නා ලෙසයි. මෙම අවස්ථාවට කොච්චිකඩේ පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ද පැමිණෙන ලදී.

ඡායාරෑප /එම්.ඉෂෙඩ් සාජහාන්DSC01193

අක්කර 10කින් සමන්විත මැටි හෑරෑ ඉඩමේ ජලය පිරී ඇති අකාරය

වැලි ජාවාරමට සම්බන්ධ ලිපි

Save

Save

Save

Save

Save

Save

Save