මෙහිදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්ණය ලෙස ඉදිරිපත් වූයේ දැනට කලපුව හාරමින් ගොඩගසා ඇති වැලි පදනම් කර ගෙන ජාවාරමක් සිදුවීම ගැනයි.
ඒනිසා ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම වැලි ගමේ අයට ලබාදෙන ලෙස සහ මෙන්ම එම වැලි කලපුවේ සංවර්ධනය සඳහා යොදාගන්නා ලෙසයි.
මේ අතර කලපුවට සිදුව ඇති විනාශය ගැන නිලධාරීන් තර්ක කළේ මෙම තත්වය ඇතිවීමට ධීවර ජනතාවද ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. කලපුව වටා සිදුවන කුනුකසල සහ වෙනත් අපද්‍රව්‍ය මුදාහැරීම ගැන ඔවුන්ගේ සෘජු සම්බන්ධතාවයක් තිබෙන බවද ඔවුන් එහිදි උද්ඝෝෂකයන් හමුවේ අවධාරණය කර තිබුණි.
මේ අවස්ථාවට මීගමුව සහකාර ධීවර අධ්‍යක්ෂක රංජිත් බණ්ඩාර මහතා , නේවාසික ඉංජිනේරු මධුරංග ප්‍රේමලාල් මහතා සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ද සහභාගී විය. දෙපාර්ශවය අතර ඇතිවූ සාකච්ඡාවෙන් පසුව තීරණය වූයේ බදාදා දින නැවත ධීවර සමීතිවලට මේ පිළිබඳව සාකච්ඡාවක් ලබාදීමටයි. එතෙක් වන දැනට හාරා ඇති වැලි ප්‍රවාහනය නොකිරීමටත් , නිලධාරීන් පොරොන්දු විය .