වැලි වර්ණකර බෝතල් චිත්‍ර අදින චිත්‍ර ශිල්පියා

0
636

මිගමුව කුඩාපාඩුව අංක 196/බි ලූවිස් පෙදසේ බුල්ලොක් කාර්ට් වෙළෙද සැලේ හිමිකරු මොහමඩ් ශෆ්රි මහතා (බබා ශෆ්රි) ලෙස කවුරුත් හදුනනයි.  වයස අවුරුදු 43 ක්වු ඔහු  වසර දහයක් තිස්සේ  වැලි වර්ණ චිත්‍ර විදුරු බොතල් තුල නිර්මාණය කරයි.
ඔහු විසින් ලංකාවේ සැම පලාතකින්ම සොයාගත් පස් වර්ග දැනට 32 ක් පමණ ඇති බවත් එවා වර්ණ කර ඔහු විසින්ම නිර්මාණය කරගත්  ආයුද ආම්පන්න භාවිතා කිරිම විශේෂත්වයකි, ඔහුගේ නිර්මාණයන් ලක්වැසි ජනතාවට පෙන්නුවේ ස්වාධින රුපවාහිනි ජනප්‍රිය අටපට්ටම වැඩ සටහන බව කෘතගුණයෙන් පවසයි.Untitled-1
මා ඔහුව හමුවිමට ගිය අවස්ථාවේ විදේශික සංචාරකයන් ඉදිරියේ බෝතලයක් තුල  වර්ණ චිත්‍ර නිර්මාණය කරන ආකාරය දැකගත හැකිවිය. තවදුරටත් කරුණු විමසිමේ දි මැති ඇමතිවරුන් තම නිර්මාණ අගය කල බවත්  අමාත්‍ය මිල්රෝයි පෙරේරා මහතා දිනක් ප්‍රදර්ශනයක් සදහා ආරාධනා කර ඇති බවත්   ඔහු පැවසීය.KONICA MINOLTA DIGITAL CAMERA
ඔහු අ-පො-ස (සා-පෙල) විභාගයටද සිංහල මාධ්‍ය්‍යයෙන් පෙනි සිටියේ මිගමුව ලොයලා විදුහලෙනි.
ශෆ්රි ඔහුගේ  ආදායම් ගැන පැවසුයේ සාමාන්‍ය පරිදි සිදුවන බවයි. විදේශිකයින් පමණක් නොව දේශිකයන්ද මෙම නිර්මාණ මිලදි ගන්නා බව ඔහු පවසයි.
මෙම වෘත්තියට සිය පවුලේන් සහයත්,   තම දෙමාපියන්ගේ  ආශිර්වාදයත් තමා මේ තත්වයට එන්නට සියලූ දුක්ගැහට විදදරමින් තම ආදරණිය  බිරිදගේත් සහය ලැබෙන බව  පවසයි. තම නිර්මාණයන් අලූත් පරම්පරාවට ලබාදිය  යුතුයි යන  අදහසින් සිටින ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් පාසැල් දරුවන් හට  මෙම නිර්මාණ හදුන්වාදෙන්නට කැමැත්තක් දක්වයි.
KONICA MINOLTA DIGITAL CAMERA
කෙසේ වුවත්   මාධ්‍ය මගින් ඔහුගේ නිර්මාණ රජයේ වගකිව යුත්තන්ටත් විද්වතුන්ගේ   අවධානයට යොමු කිරිම තුලින් ලොව වැලි නිර්මාණ තරගයට යෑමට මෙය සාර්තක අවස්ථාවක් කරගතහැකි වේ යැයි  විශ්වාසයක් ඔහූතුල පවතියි.   ඔහුගේ විනෝදංශය වන්නේ  පත පොත කියවිම නිදහස් සුන්දර  පරිසරයක ගතකිරිමයි.KONICA MINOLTA DIGITAL CAMERA

මොහමඩ් ශෆ්රි නො 34/22 ලාසරස් පාර මිගමුව /ජ . දු අංකය 077-8787980

සටහන සහ ඡායා /සුජාඉල් මුනිර්
Scan10003