වැලි හොරුන්ට එරෙහිව ජනතාවගේ පැත්ත ගත්තු රංජන්ට එරෙහිව පාරට බැස්ස කටානේ සුපිරිසිදු රාජ්‍ය සේවකයෝ ?

0
50

වැලිහොරුන්ට දූෂිතයන්ට එරෙහිව ජනතාවගේ පැත්ත හැමවිටම ගත්තු නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට එරෙහිව කටානේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයන් අද දිනයේ පාරට බැසි මහත් උද්යෝගයෙන් යුතුව විරෝධතාවයක නියැලුණි.
අප දන්නා තරමින් රංජන් රාමනායකට එරෙහි ව මහජන දේපල හෝ සිය බලය අයුතු ලෙසින් අවභාවිතාවේ යෙදිම පිළිබදව කිසිදු චෝදනාවක් නැත.
රංජන් රාමනායක විසින් දිවුලපිටියේදි ප්‍රසිද්ධියේ වැලි හොරා යැයි කිය ඉන්දික අනුරුද්ධලාගේ පැටිකිරිය ගැන කටානේ මේ රාජ්‍ය සේවකයන් හොදින් දන්නවා ඇතැයිද ඔවුන්ගේ කාර්යාලය අසලදි තරුණයන් දෙදෙනෙකුට ජිවිත අහිමිවු ආකාරය ගැන අමුතුවෙන් මතක් කර දිය යුතු නැතැයි සිතමු.
එපමණක් නොව කටානේ අද දිනයේ සුදුඇදගෙන විරෝධතාවයකට එක්ව සිටි සියල්ලෝම ඉතාමත් සුපිරිසිදි රාජ්‍ය සේවයට කිසිදින කැලලක් සිදුනොකළ ජනතාවගේ කිසිදු අතයට මුදලක් හෝ නොගත් රාජ්‍ය සේවය ඉතාමත් ඉහලින්ම සුරකින ලද අයවලුන් බව 100% ක සහතිකයක් පාරට බැස්ස මේ සැමදෙනාමට ඇතැයිද සිතමු.
එහෙත් මේ අය අතර රාජ්‍ය සේවයට ගරු නොවන හැසිරිම් හා නිරතවුවන් සිටි නම් ඔවුන් ගැනද රටට ලෝකයාට කිම මාධ්‍යයක වගකිමක් හැටියට සලකන බැවින් ඒ ගැන විස්තර  අප වෙත දන්වා සිටින කටානේ ජනතාවගෙන් අප  ඉල්ලා සිටිමු.
එවැනි අයගේ පටිරොල් කිරිමට මීපුර වෙබ් අඩවිය අදහස් කරගෙන සිටින්නේ අද දිනයේ පාරට බැස්ස කිරිකොකුන් බදුවු සුපිරිසිදු රජනිළ දරුවන්ට කැළලක් සිදුනොවනු පිණිසමය.
katana protest 1