වැවේ බැම්මට එරෙහිව ගොවිජන කොමසාරිස්තුමිය නඩුමඟට..

0
162

වෙන්නප්පුවේ වැව යනු මේ සමාජ අර්බුදයේ පැතිකඩක් අප ඉදිරියේ තබන ලද කණ්නාඩියක් බඳුය මේ සම්බන්ධයෙන්  .පරිපාලන අධිකාරිය මෙන්ම දේශපාලන අධිකාරියද කටයුතු කරන අන්දම කදිමට සමාජගත විය.
වයඹ පළාත් සභා මැතිවරණ උණුසුම දැන් වැව වටේද පටන්ගෙනය.
වයඹ දිනවන ජයග්‍රාහකයින්ගේ පෝස්ටර් හැම තැනමය.
එහෙත් වෙන්නප්පුව වැවේ සිදුවෙමින් ඇති නිතිවිරෝධි ක්‍රියා ගැන මැදිහත්විම එහි ගොවි සමිතියේ ක්‍රියාකාරින් කිපදෙනෙකුටත් මේ රටේ ජාතික මාධ්‍යකටත් ප්‍රාදේශිය මාධ්‍යයකටත් පමණක් පැවරුණු වගකිමක් බවට පත්ව තිබේ.
මෙම බැම්ම නිතිවිරෝධි බැවින් එය වහා කඩා ඉවත් කර දමන ලෙසින් 2013.04.17 දාතමින් අදාල ව්‍යාපාරිකයා වෙත වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරැ සමරසේකර මහතා විසින් ලිපියක් මගින් දන්වා සිටින්නේ වෙන්නප්පුව ප්‍රාෙද්ශිය සභාවේ සභාපති සුසන්ත මහතා හරහාය.
එමෙන්ම පළාත් සභා වගකිම් ලයිස්තුවට අනුව මෙම වැවේ පාලන බලාධිකාරිය පැවරි ඇති ගොවි ජන කාර්යාලයේ කොමසාරිස්තුමිය විසින්ද මෙම නිතිවිරෝධි ඉදිකිරිම වහා ඉවත් කරගත යුතු යැයි දන්වා සිටින ලදි.
එහෙත් මෙි කිසිදු නිෙයා්ගයක් අදාල ව්‍යාපාරිකයා විසින් හෝ වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති විසින් ඉටුකර තිබුනේ නැත.
ඉන් අනතුරුව මේ කටයුත්ත පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්ථා විෙමන් පසුව කර තිබුන මැදිහත්විම් වල ප්‍රථිපල ලෙසින්  ගොවිජන කොමසාරිස් කාර්යාලය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත දන්වා යවා තිබුනේ මෙය වහාම කැඩිමට පියවර ගන්නා බවය.
එහෙත් අදාල පාර්ශවයන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලද පසුබිමක 2013. ජුනි 26 වනදා අප කළ විමසුමකට පිළිතුරු දුන් ගොවිජන සේවා කොමසාරිස් මැණිකේ මහත්මිය පවසා සිටියේ වැවේ ඉදිකර ඇති නීතිවිරෝධි කටයුත්ත වෙනුවෙන් අදාල නිතිමය පියවර ගැනිම සදහා වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් වෙත මැණුම් නිෙයා්ගයක් යවා ඇති බවය.
මෙි පිළිබදව අප වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් තුමියගෙන් විමසා සිටි අවස්ථාවේ  ඇය කියා සිටියේ අදාල මැණුම් කටයුතු සදහා දැනටමත් පුත්තලම් මිණුම් දෙපාර්තමේන්තුව දන්වා ඇති බවයි.
මේ සියළු වර්ධනයන් මෙසේ සිදුවෙමින් තිබියදී වයඹ ඉජිනේරු අධ්‍යක්ෂකවරියට දින දෙකකට පෙර  සදහන් කළේ වැවේ වු මේ ඉදිකිරිම නීතිවිරෝධි නොවන බවය.
මෙි ප්‍රකාශය පිළිබදව

වෙන්නප්පුව වැව
වෙන්නප්පුව වැවේ අනවසර ගොඩකිරීම

වෙන්නප්පුවේ ඉහල රාජ්‍ය නිළධාරියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය පවසා සිටියේ වැවට ඇත්තේ එක් අයිතිකරුවෙක් පමණක් බවය. ඒ ගොවිජන කොමසාරිස් කාර්යාලය පමණක් බවය.